අවුරුදු දහයකින් තරුණ කරන විශ්මිත මී පැණි පානයක්.

අධික තරබාරුව අඩු කරන..

සම ප්‍රභාමත් කරන..

බඩවැල් සුද්ද කරන..

මලබද්ධය නැති කරන..

අවුරුදු දහයකින් තරුණ කරන විශ්මිත මී පැණි පානයක්.

ඔබ මල බද්ධයෙන් පීඩා විඳිනවානම් මේ ප්‍රතිකාරයත් සමඟ සමනය වෙනවා. හැමදාම උදේට නිරෝගී මලපහ කිරීමක් ඔබට හැකියි.

ආයුර්වේදයේ මී පැණි ගැන කියවෙන්නේ එය දෙවියන්ගෙන් ලද දායාදයක් ලෙසයි. දෙවියන්ගේ පානය (Nectar of God ) ලෙසයි ඒ ගැන කියවෙන්නේ. මිනිසා මේ ලෝකයේ බිහිවූ පසු ඔහු විසින් රස බැලූ පළමු රසවත් දෙය මී පැණි බවයි එහි කියවෙන්නේ. දහස් ගණනක් මලින් ගත් මල් පැණිද හිරුගේ රශ්මියේ ගුණයද ස්වභාව ධර්මයේ අති උතුම් සුවඳද රැගත් මේ පුදුමාකාර ආහාරය ගැන ආයුර්වේදය ඉතාම ඉහලින් සළකනවා.

ආයුර්වේද මහා සෘෂිවරුන් කියන්නේ මේ මී පැණිවලට මිනිස් සිරුරේ හාස්කම් කළ හැකි බවයි. ඒ හාස්කම් මොනවාද කියා හිමිහිට එකින් එක ඉගෙන ගත යුතුයි.

මී පැණි ඉතාම හොඳ පෝෂණීය ආහාරයක්. බොහෝ දෙනා කියනා ලෙස එය ශරීරයේ ෂුගර් මට්ටම ඉහළ දමන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයකට පාරිභෝජනය කරනවානම් මී පැණි කියන්නේ ශරීරයේ අගුණ අඩුකර ප්‍රභාව වැඩිකරන පුදුමාකාර විශ්මිත ආහාරයක්.

අපි අද ආයුර්වේදයේ විශ්මිත හාස්කම් ලිපිමාලාව යටතේ ඉදිරිපත් කරන්නේ ශරීරයේ අනවශ්‍ය තරබාරුව අඩුකර සම දීප්තිමත්කර අවුරුදු 10 කින් ඔබ තරුණ කරන විශ්මිත ආයුර්වේදීය ප්‍රතිකාරයක් ගැනයි. මේ ප්‍රතිකාරය මාස තුනක් එක දිගට කිරීමෙන් ඔබට ලස්සන සිරුරක් හා සමක් ඇතිවෙනවාට අමතරව තවත් බෝනස් වාසනා රැසක්ද අත්වෙනවා.

  1. ඔබ මල බද්ධයෙන් පීඩා විඳිනවානම් මේ ප්‍රතිකාරයත් සමඟ සමනය වෙනවා. හැමදාම උදේට නිරෝගී මලපහ කිරීමක් කිරීමට ඔබට හැකියි.
  2. ඔබේ බඩවැල් (කොලන්ස්) පිරිසිදුවෙනවා. බඩවැල් ශක්තිමත් වෙනවා. ආයුර්වේදයට අනුව අපට බොහෝ ලෙඩදුක් ඇතිවෙන්නේ බඩවැල්වල ඇතිවෙන ආමය හෙවත් නොදිරවූ ආහාරය නිසා හටගන්නා අම්ලයක් නිසයි. මේ අම්ලය අපේ බඩවැල්වල ඇලී තැවරී තිවෙනවා. මේ පානයෙන් පසුව ඒවා නැතිවී ඔබේ බඩවැල් අලූතෙන් ශක්තිමත් වෙනවා.
  3. ඔබේ මතකය වැඩිවී මානසික ලිහිල්වීමක් ඇතිවෙනවා. මේ පානයට එවැනි හාස්කමක් කළ හැකි බවයි ආයුර්වේදයේ කියන්නේ.
  4. සමට අදහාගත නොහැකි ප්‍රභාමත් බවක් සති හතරක් වැනි කෙටි කාලයකදී ඇතිවෙනවා.
  5. දෑස්වල පෙනීම වැඩිවෙනවා.
  6. ඔබ කාන්තාවක්නම් ඔබේ හෝමෝන අසමතුලිත වීම නිසා ඇතිවෙන රෝග අවම වෙනවා. හොඳ ලිංගික ශක්තියක් ඇතිවෙනවා.

මේ සියල්ලම වෙන්නේ ඔබේ බර අඩුවීමත් ඔබේ සම දීප්තිමත්වීමටත් අමතරවයි. ඒ නිසා හැකි ඉක්මනින් මේ පානය බොන්නට පටන් ගන්න. මෙය ඉතාම ස්වභාවික පානයක්. ආයුර්වේදයේ ශතවර්ෂ ගණනාවක් පුරා මේ පානය පැවතෙනවා. යම් යම් රෝගී තත්වයන් ඇත්නම් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් විමසාම බොන්න. එසේම මේ පානයේ විශ්මිත ප්‍රතිඵල ඇතිවීමටනම් ඔබ ඉතාම හොඳම තත්වයේ මී පැණි සොයාගත යුතු බව කරුණාවෙන් සළකන්න. බාල තත්වයේ මී පැණිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.

විශේෂ පානය 1 (උදේට)

  1. උණු වතුර කෝප්ප 1 යි
  2. මී පැණි තේ හැදි 2
  3. දෙහි ගෙඩි 3 ක යුෂ

මේ සියල්ල එකට මුසුකර රස්නේ පිටම උදෑසන හිස් බඩ බොන්න. මෙය පානය කරන පැයක් යනතුරු වෙනත් කිසිම පානයක් හෝ කෑමක් ගන්න එපා.

මේ පානය බොන කාලය තුළ උදෑසන ආහාරය ලෙස මුං ඇට පීරිසියක් ලූණු මිරිස් ටිකක් සමඟ කන්න. නැත්නම් කඩල පීරිසියක් කන්න. කිසිම අවස්ථාවක පාන්, ඉඳි ආප්ප හෝ බත් අනුභව කරන්න එපා. එසේම අධික ලෙස සීනි දැමූ කිරිපිටි දැමූ කිරි තේ පානය කරන්නත් එපා. ඉඟුරු ප්ලේන්ටී පමණක් පානය කරන්න.

විශේෂ පානය 2 (රාත්‍රියට)

  1. උණු වතුර කෝප්ප 1 යි
  2. මී පැණි තේ හැදි 2
  3. කුරුඳු කුඩු තේ හැදි 2 යි

මේ සියල්ල එයට මුසුකර විනාඩි 5 ක් වසා තබා රාත්‍රී නින්දට පෙර බොන්න. ඉන්පසු කිසිම කෑමක් හෝ පානයක් ආහාරයට ගන්න එපා. අධිකව මස් හෝ බත් ආහාරයට ගන්න එපා. රාතී‍්‍රයට රතු කැකුළු බත් කෝප්පයක් හෝ රතු කැකුළු ඉඳි ආප්ප දහයක් කිරි හොද්දක් සමඟ ආහාරයට ගන්න.

මේ ප්‍රතිකාරය අරඹන්නට පෙර ඔබේ බර කිරාගන්න. මාසයකට පසුව ඔබේ බර කිරන්න. ඇතිවී ඇති වෙනස ඔබට අදහාගන්නට බැරිතරම් එකක් වේවී.

මේ පානය ගන්නා කාලය තුළ පාන් පිටි දැමූ ආහාර නොගෙන ඉන්න තරමට හොඳයි. එසේම රතු මස් ආහාරයට ගන්නම එපා. එවිට මේ ප්‍රතිකාරයේ ප්‍රතිඵල අපතේ යනවා. සීනි භාවිතය ඉතාම අවම කරන්න. පැණි බීම වර්ග බොන්න එපා. පිපාසයට ඉඟුරු ප්ලේන්ටී හෝ තැඹිලි වතුර බොන්න.

මේ පානය ගන්නට ගත් පසුව දිනපතා මල පහ කිරීම නිසිලෙස සිදුවෙන නිසා උදෑසන ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන්කරන්න.

දෙහි මින්ට් වතුර පානය (ඩීටොක්ස් පානය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories