මුත්‍රා දැවිල්ලද?

මුත්‍රා ටික ටික යනවද?

මුත්‍රා මාර්ගය වේදනාවෙන් කකියනවද?

මුත්‍රා පිටකරන තැන වේදනාබරද?

මුත්‍රා අධික ලෙස රස්නෙද?

මුත්‍රා අමු කහ පාටද?

පිට කොන්ද රිදෙනවද?

යටි බඩ රිදෙනවද?

මෙන්න ආයුර්වේදයෙන් විශ්මිත ටොනික් 3 ක්

උදාවෙලා තියෙන්නේ ගිනියම් ග්‍රීෂ්මය කියලා අපි ඔබට ගිය සතියෙත් කිව්වා. මේ දාහය, මේ දැනෙන රස්නය, මේ ගිනියම ගැන එක වචනයකින් කියනවානම් කියන්න වෙන්නේ එක වදනයි.ඉන්න බෑ…! පිච්චෙනවා…!

එහෙම නේද..? ඒ ගින්දර මේ ලංකාවේ අයට විතරක් නොවෙයි. ඉන්දියාවේ අයටත්, සිංගප්පූරුවේ අයටත් මැලේෂියාවේ අයටත් එක වගේ දැනෙනවා. හැමෝම එකම ගින්දරකින් දැවෙනවා. මේ ඉර මුදුන් වීම වැඩියෙන් බලපාලා තියෙන්නේ සමකය ආශ්‍රිතව ඉන්නා අයටයි.

ඉතින් පිච්චෙනවා. දාහයයි. කෙඩෙත්තුයි. ගිනියමයි. මහන්සියි. දාඩියයි. අසහනයයි. කවදා වැහි රැල්ලක් එයිද කියලා හිතාගන්න බෑ. සමහර විට වැස්සක් වැස්සත් ඒ වැස්ස අහස මැදදීම වියළිලා යාවී. ඒතරමටම ගින්දර වැඩියි.

ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. නමුත් මේ ග්‍රීෂ්මය ඔබව අසාමාන්‍ය විදිහට ලෙඩ කරලා.

එයිනුත් අමාරුම අසනීපය තමයි මුත්‍රා අමාරුව.

මේ දවස්වල මුත්‍රා දැවිල්ල දැනෙනවා වැඩියි. මුත්‍රා යන්නේ ටික ටික. බිංදුව බිංදුව වගේ. මුත්‍රා මාර්ගයත් දැවිල්ලයි. මුත්‍රා කරන තැනත් දැවිල්ලයි. ඇයි මේ. පෑවිල්ල නිසාමද.? පෑවිල්ල නිසා ශරීරයේ ත්‍රිදෝෂ අසමතුලිත වෙලා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒනිසාම මුත්‍රා මාර්ගයේ ඇතිවෙන ආසාදන ඒ කියන්නේ යූරින් ට්‍රැක් ඉන්ෙෆලෙක්ෂන්ස් (UTI) කියන තත්වය ඇවිත්. ඒක සාමාන්‍ය තත්වයක්. නමුත් අසහනය වැඩියි. බරපතල මුත්‍රා රෝග දක්වා මේ තත්වය යන්න පුළුවන්.

ඉතින් මොකද කරන්නේ. ආයුර්වේදයෙන් ඒකට සහනයක් නැද්ද..? බටහිර වෛද්‍ය විද්‍යාවේ කරන්නේ බොහෝ විට ප්‍රතිජීවක බෙහෙත් දෙන එකනේ. ඒකෙන් සහනයක් ලැබෙනවා. නමුත් මුත්‍රා රෝගය ඇතිවීමේ හේතුව නැතිවෙන්නේ නෑ.

ඒකට මේ ටොනික් තුන මාරුවෙන් මාරුවට හදාගෙන බොන්න.

1. කොත්තමල්ලි පානය.

– කොත්තමල්ලි ඇට මේස හැදි 3 ක් සීතල වතුර වීදුරුවට දාන්න. හොඳින් මිශ්‍රකරන්න.

රැයක් තියන්න. පසුවදා උදේ හිස්බඩ මේ කොත්තමල්ලි ඇට වීදුරුව පෙරා බොන්න. දවස් තුනකට වරක් මේ කොත්තමල්ලි පානය බොන්න. ප්‍රත්‍යක්ෂයි. නිවාරණයි.

2. පිපිඤ්ඤා යුෂ ටොනික්

– අලූත් පිපිඤ්ඤා ගෙඩියක් ගන්න. එය කැබලිවලට කපන්න. පොත්ත ඉවත්කරන්න එපා. හොඳින් සෝදා එයත් ගන්න.

පොඩි කැබලිවලට කපා වතුර වීදුරු කාලක් සමඟ බ්ලෙන්ඩර් කරන්න. පෙරාගන්න. වීදුරුවක් දවස් තුනකට වරක් උදේ හිස් බඩ බොන්න. ප්‍රත්‍යක්ෂයි. නිවාරණයි.

3. මුං ඇට ටොනික්

– හරියටම හවස 4 ට මුං ඇට හුන්ඩුවක් ගන්න. වතුර කෝප්ප 3 ක් සමඟ දියේ දාන්න. උදේ ගන්න. මුං ඇට තරමක් පැලවී තිබේවී. එය හොඳයි. එම වතුරත් සමඟම තම්බන්න. හොඳින් තම්බන්න.

මුං ඇට වතුර ටික පෙරාගන්න. නිවාගන්න. හිස් බඩ බොන්න. වතුර ටික. මුං ඇට ටික ඕනනම් කන්න. මේ මුං ඇට වතුර දින තුනකට වරක් බොන්න. ප්‍රත්‍යක්ෂයි. නිවාරණයි.

හරි ඉක්මනට මේ ගිනියම නිසා ඇතිවූ හැම රෝගයක්ම අඩුවෙලා යයි. ඔබ ඉතාම හොඳින් මේ නියඟයට මුහුණ දේවී. එය අදම කරන්න.

Cart

Log in

Create an Account
Back to Top