ආයුබෝවන්!

ඔබට සුන්දරත්වයෙන් පිරි චමත්කාරජනක ශ්‍රී සුබ දවසක් වේවා..!

මේ පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිසිදු ආයුර්වේදීය හර්බල් රෑපලාවන්‍ය කලාවේ නැවුම් වෙනසක් කළ, මුහුණු ලක්ෂ තුනකට වඩා පැහැපත්කළ, සුවපත් කළ ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගමේ නිළ වෙබ් පිටුවටයි. මිස් වසර දෙකකට පෙර අප ශ්‍රී ලාංකීය ලාවන්‍යා ලෝකයට අප පිවිසුනේ අතිශය අපිරිසිදු රසායනික මායාවලින් ශ්‍රි ලාංකීය මුහුණු විනාශ කළ වියවුල් කළ විපිරීත කළ කාලයකයි. ශ්‍රි ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගම මේ රෑපලාවන්‍ය ලෝකයට පය තැබුවේම පිරිසිදු හර්බල් සහ ඕගැනික් නිෂ්පාදන සමඟින් අපේ යොවුන් මුහුණුවලට ශාන්තිකරමයක් කරන පිරිසිදු චේතනාවෙන් පමණයි.

එම අරමුණ, අපගේ අභිලාෂය බවට පත්කරගෙන පසුගිය කාලය පුරාම අප ශ්‍රී ලාංකීය මුහුණු ලක්ෂ තුනකට වඩා පිරිසිදුව පැහැපත්කරමින්, සුවපත් කරමින්, අපගේ ඉලක්ක සපුරා ගත්තෙමු. අනන්ත වූ පාරිභෝගික විශ්වාසයත් ආදරයත් ගෞරවයත් දිනාගනිමින් පිරිසිදු කීර්තිනාමයක් අප උපයාගත්තෙමු. අද මෙසේ නිළ වෙබ් පිටුවකින් එළිදකින්නේ ඒ පිරිසිදු ලාවන්‍යා නිෂ්පාදන පොකුරයි. ඒ සමඟ අපගේ අවංක අභිලාෂයන් සහ පිරිසිදු නිෂ්පාදන ප්‍රමිතීන් අප රැකගෙන ඇත. සුන්දර සීගිරි ලලනාවන්ගේ සිට රජ කුමරියන්ගේ පංචා කල්‍යානය දක්වාත් ඉන් නොනැවතී ගමේ, ඇලේ, දොලේ රූබර අවුරුදු කුමරියන් දක්වාත් ගලාගෙන එන ලාංකීය යුවතියගේ කුමරියගේ මල්වර දැරිය‌කගේත් හෙළ කුල සිරිතට දොරට වඩින මනමාලියගේත් සුන්දරත්වයේ රහස් කැටිකර ඔබ වෙනුවෙන් අපි ඇප කැප වන්නෙමු. ඉදිරියටත් එය එසේම වෙනු ඇත.

දොළ ළඟ, වැව් ඉස්මත්තේ, ගං දිය ඉවුරේ ගල් තලාවක උරච්චි කළ අමුකහ, වෙනිවැල්, ගොඩපර, බෙහෙත් නෙල්ලි සාරයන්ගෙන් සුන්දර වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ චමත්කාරය මුළු ලෝකයම අගය කළා. නමුත් ඉන් පසුව බාල රසායනික කුණාටුවකින් ඇගේ රූපය ඇගේ සුන්දරත්වය විනාශ කර දැමුවා. බහුජාතික සමාගම් බාල බ්ලීචින් ක්‍රීම් එකෙන් අපේ යුවතියගේ මුදු කොමල සුන්දරත්වය පැහැර ගත්තා. ඉන් පසු කතාව බොහෝම දුක්බර කතාවක් වුණා. ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගම ඔබ වෙත එන්නේ නැවුම් ස්වභාවික ලාවන්‍යා සත්කාර දෝතක් රැගෙනයි. ස්වභාවිකත්වයම සුන්දරයැයි විශ්වාස කරන අපි එහි පිවිතුරුම සාරයන් එකට කැටි කරගෙන ඔබ වෙත පිරිසිදු යමක් රැගෙන එන්නෙමු. ඉතින් ඔබේ ජීවිතයට ශ්‍රී සුබ වසන්තයක් රැගෙන එන්නට අපට අවසර. අපේ ලාවන්‍යා සත්කාර මාලාව මෙතැන් සිට ඔබ වෙත පිවිතුරුව පිරිසිදුව රැගෙන එන්නෙමු.

රජය පිළිගත් ආයතනයක් ලෙස පිළිගත් ප්‍රමිතීන් නිසි පරිදිම අනුගමනය කරන අප වඩාත් පිරිසිදුම දේ පමණක් දෙන්නට යළිත් වතාවක් පොරොන්දු වෙමු. එය අපගේ කීර්තිනාමය පමණක් නොවේ. ව්‍යාපාරික අභිලාෂයද අනාගත ඉලක්කයද වන්නේය.

නැවතත් කියන්නේ, ගහක කොළක මලක මුලක පොත්තක ඵලයක ඇති දේ මිසක අන් කිසිදු නරක අපිරිසිදු දෙයක් අපගේ නිෂ්පාදනවල නොමැති බවමයි. ඔබට සුබ සුන්දර අනාගයක් උදාවේවා..!

අධ්‍යක්ෂක මණ්ඩලය,
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගම,
නුගේගොඩ.