හාස්කම් ටී එක…!

බර අඩු කරන ඇඟ සැහැල්ලූ කරන

විඩාව මහන්සිය කෙඩෙත්තුව නැති කරන

හාස්කම් ටී එක…!

ජනප්‍රිය CCFපානය අද සිටම බොන්න

ඉඟුරු කොත්තමල්ලි පස්පංගුව ඒත් නැත්නම් කොත්තමල්ලි වෙනිවැල්ගැට වතුර වගේ සම්ප්‍රදායික ආයුර්වේද පානයන් ගැන අපේ හදවතේ ගැඹුරු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපේ ජාන සමඟ මිශ්‍රවෙලයි තියෙන්නේ. බහුජාතික සමාගම් පැරසිටමෝල් පෙති බොන්න ජාතියට පුරුදු කරන්න කලින් අපි විශ්වාස කළේ වෙනිවැල්ගැට කොත්තමල්ලි වතුර ටිකයි. නමුත් මේ සමාගම් හරි ලස්සනට අපේ හදවතේ තිබුණු කොත්කැරලි කඩල දැම්මා. ඊට පස්සේ සමහර දේවල් ගැන අපේ තිබ්බ විශ්වාසය අඩුවුණා.

නමුත් අදටත් නීරෝගීව ඉන්න බොහෝ දෙනා කොත්තමල්ලි පස්පංගුව ගැන හරි හැඟීමෙන් කතා කරනවා.

මේ ඇවිත් තියෙන්නේ ගිනි පිටවෙන ග්‍රීෂ්මයයි. මහ පොළොව පවා ඉරිතලා යන කටුක නියගයයි. එක වැහි රැල්ලක් නැති මේ කටුක නියං සමයේදී අපේ ශරීරයට මොනවද වෙන්නෙ. ඉහ උඩින් ගිනිගෙන දැවෙන ඉර ශරීරයේ තියෙන අන්තිම ජල බිංදුවත් අකාරුණික විදිහට උරාගන්නවා. සම ඉරිතලා යනවා. මුත්‍රා මාර්ගය ආසාධනය කරනවා. මුත්‍රා දැවිල්ල ඇති කරනවා. ඇඟට දරාගන්න බැරි තෙහෙට්ටුවක් ඇති කරනවා. මොකක්ද හෝන්දුමාන්දු ගතියක් ඇතිකරනවා. නින්ද නැති කරනවා. දාහය, කෙඩෙත්තුව, මහන්සිය, අසහනය හා පීඩනය ඇති කරනවා.

ආයුර්වේදයේ මේවා ගැන ගැඹුරින් කතා කරල තියෙනවා. මොකද ආයුර්වේදය බිහිවුණේ ඉන්දියාව වගේ තද ග්‍රීෂ්මයක් ඇති රටකයි. වාතය, පිත සහ සෙම යන ත්‍රිදෝෂයන් අසමතුලිත වීම නිසා දහසක් පීඩා ශරීරයට ඇතිවෙන බව පුරාණ ආයුර්වේද පොත පතේ සඳහන්.

එමනිසා හැමවිටම පාරිසරික සෘතුවලට අනුගත වෙන්නට අපට සිදුවෙනවා.

මේ ග්‍රීෂ්මයේ ඔබට දැනෙන අපහසුතාවයන් පිපාසයන් කෙඩෙත්තුව සහ මහන්සිය තද මුත්‍රා දැවිල්ල සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට එක් රහසිත සරල පානයකට පුළුවන්.

මේ පානය ඉන්දියාවේ හඳුන්වන්නේ CCF Tea Drink ලෙසයි.

එයින් ආයුර්වේදයේ රන් හා සමාන වර්ග තුනක් සංකේතවත් වෙනවා.

C – Coriander – කොත්තමල්ලි

C – Cumin – සූදුරු

F‍ – Fennel – මාදුරු

මේ අසීමිත ගුණ ගෙනදෙන ති‍්‍රෙ∞්ෂයන් නිසා ඇතිවන අපහසුතා අවම කරන මුත්‍රා දැවිල්ල නැති කරන දාහය, කෙඩෙත්තුව අවම කරන මානසික තෝන්තුව අඩු කරන මානසික පීඩනය නැති කරන එසේම ඔසප් වේදනා අඩු කරන පානයක්.

මෙය ඉන්දියාවේ භාවිතා වෙන්නේ සාමාන්‍ය තේ පානයක් ලෙසයි. මුළු ඉන්දියාව පුරාම දරාගත නොහැකි ග්‍රීෂ්මයක් තිබෙනවා. බොහෝවිට කාර්යාලවල අය පවා මේ සූදුරු, මාදුරු, කොත්තමල්ලි තේ පැකට් ළඟ තබාගෙනයි ඉන්නේ. ඔවුන්ට ඇතිවන දහසක් අසීරුතා එක පුංචි තේ පානයකින් ඔවුන් නැති කර ගන්නවා.

අපට කොත්තමල්ලි බොන එක නුපුරුදු දෙයක් නෙමෙයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට අපි හුරුවෙච්ච රසයක්. ඉතින් මේ පිච්චෙන දැවෙන ග්‍රීෂ්මයේ අපිත් CCF TEA DRINK බොමු.

CCF‍ පානය හෙවත් කොත්තමල්ලි, සූදුරු, මාදුරු තේ පානය සාදාගන්න අවශ්‍ය දේවල්

  • කොත්තමල්ලි ඇට තේ හැදි 1 යි.
  • සූදුරු ඇට තේ හැදි බාගයයි.
  • මාදුරු ඇට තේ හැදි බාගයයි.

සාදාගන්නා ආකාරය

  • මේ සියල්ල යන්තමට මේසය මත තබා තලා කෝප්පයකට දමාගන්න.
  • දැන් නටන වතුර කෝප්පයක් එයට දමන්න. හොඳින් වසා තබන්න.
  • විනාඩි 20 කට පසුව මේ පානය ගෙන පෙරා බොන්න.
  • දවසේ ඕනෑම වෙලාවක මේ තේ පානය පානය කළ හැකියි. විශේෂයෙන් කෑම ගැනීමෙන් පසුව විනාඩි 30 කට පසු මේ පානය ගැනීමෙන් ශරීරයේ බර අඩුවෙනවා. පුදුමාකාර සැහැල්ලූවක් ඇතිවෙනවා. වඩාත්ම වටින්නේ ගතට දැනෙන ඒ සැහැල්ලූවයි.
කාට කියන්නද මේ දුක…?
ලස්සන දිලිසෙන බැබලෙන වරළසකට රහස් ප්‍රතිකර්මයක් මෙන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories