ජීවක සිද්ධායුර්වේද කොළ කැඳ පානයේ රහස් වට්ටෝරුව

දියවැඩියාව සමනය කරන, කොලෙස්ට්‍රෝල් නැති කරන, සම පැහැපත් කරන, හිසකේ වර්ධනය කරන, පිළිකා අවධානම අඩු කරන, බඩවැල්වල තුවාල නසන, ශරීරයට ශක්තිය ගෙනෙන, මලානික පණනැති බව නැති කරන, ජීවයෙන් පිරි ආයුර්වේද පානයක් බඳු වූ කොළ කැඳ පානයක් මෙන්න…

ඔබ නිතරම කොළ කැඳ බොනවා. ඒක ඉතාම හොඳ පුරුද්දක්. උදේට පිටි හැදි හතර පහක් දාපු කිරි තේ එකක් ගොජ ගොජ ගාලා බීලා දානවට වඩා ඒක ඇත්තටම රත්තරන් පුරුද්දක්. ඔබ කරපිංචා කොළ කැඳ බොනවා. කෝවක්කා කොළ කැඳ බොනවා. පෙනෙල කොළ කැඳ නිතර හදනවා. ගොටුකොළ කොළ කැඳ බෙනවා. මේ හැම කොළ කැඳ වීදුරැවකටම ඊටම ආවේනික ගුණ තියෙනවා. ඒවා දිගටම බොන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ.

ඒත් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ ඉතාමත් විශිෂ්ඨ ආයුර්වේද ශාස්ත්‍රඥයෙක් විසින් අපට ලබාදුන් විශේෂ ‘ජීවක සිද්ධායුර්වේද කොළ කැඳ පානයේ’ වට්ටෝරුවයි.මේක ඇත්තටම විශ්මිත ගුණ ගෙන දෙන කොළ කැඳ පානයක්. එසේම ඉතාම රසවත්ව සාදාගන්න පුළුවන්.

මේක නිතර ඔබ පෙළෙන ලෙඩ රෝග රැසකට පුදුමාකාර විදිහට සහනයක් ගෙන දෙන පුරාණ ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ කොළ කැඳ පානයක්.

ශරීරයට කිසිම සුවයක් සනීපයක් සතුටක් නැහැ නේද..? නිතරම ඇඟට පණ නැති ගතියක් හෝන්දු මාන්දු ගතියක් දැනෙනවා නේද? කාන්තාවක්නම් නිතරම මහලේ රෝගවලින් පීඩා විඳිනවා ඇති නේද? ඔසප් පිටවිමේ ප්‍රශ්න ඇතිනේද? යට බඩේ අමාරු ඇති නේද? ගැස්ට්‍රයිටීස් රෝගයට නිතරම බෙහෙත් බොනවා නේද? සමහරවිට රුධිරයේ සීනි මට්ටම වැඩිවෙලත් ඇති. ප්‍රෙෂරුත් ඇති. කොලෙස්ට්‍රෝල් චෙක්කරලා බැලුවේ නැද්ද? සමහරවිට ඒවත් තියෙන්න පුළුවන්.

ඒ නැතත් ලස්සනට ඉන්න ආසයි නේද? හිසකේ ගැලවෙන්නේ පුදුම වේගයකින් නේද? මුහුණේ කිසිම පැහැපත් බවක් නෑ නේද? මුහුණේ කිසිම ජීවයක් නෑනේ නේද? ඇත්තටම කියනවානම් කියන්න තරම් සනීපයක් නෑ. තාමත් මේ තරුණ කාලෙනේ. ඇයි මෙහෙම ලෙඩවෙලා දුක් විඳින්නේ. ඉන්නෝනනේ ලස්සනට.ඉතින් විශ්මිත කොළ කැඳ පානය ඒ හැමදේටමයි. මේක හදාගෙන දිනපතා බොන්න. ඒක ඔයාගේ ජීවිතයට මහත් ඵල මහා ආනිසංස ගෙන දෙන පානයක්. ජීවිතය වෙනුවෙන් ජීවිතයේ සනීපය වෙනුවෙන් එහෙම දෙයක් කරන්නෝනනේ නේද? නැත්නම් මේකත් ජීවිතයක්ද කියලා දවසක හිතෙයි. නේද?

මේක ආයුර්වේදයේ නියම ශාස්ත්‍රය මත පිහිටා හැදූ විශ්මිත කොළ කැඳ පානයක්. ආයුර්වේද කියන්නේ මහා දැනුම් සම්භාරයක්නේ. ඒ දැනුමෙන් ජීවිතයට දෙයක් ගන්නයි ඕන. නැත්නම් වැඩක් නෑනේ.

ජීවක සිද්ධායුර්වේද කොළ කැඳ පානය සාදාගැනීම සඳහා ඔබට අවශ්‍ය දේවල්

  • කරපිංචා කොළ කෝප්ප බාගයක් – අලුත් ගං කරපිංචාවලින් ගන්න. සමහර තැන්වල තියෙන්නේ කැලෑ කරපිංචායි. ඒවාවල ගුණය අඩුයි.
  • ඉඟුරු අඟල් දෙකක පමණ කැබැල්ලක්.
  • සුදුලූනු බික් 20 ක් – මේ ප්‍රමාණයම ගන්න.
  • මින්චි කොළ කෝප්ප බාගයක්.
  • කොත්තමල්ලි කොළ සහ දඬු කෝප්ප බාගයක්.
  • වැල් ගොටුකොළ මුල් සහ දඬු කෝප්ප බාගයක් – ගස් ගොටුකොළ ගන්න එපා. වැල් ගොටුකොළම ගන්න. පොළවල්වල තියෙනවා.
  • නෙල්ලි ගෙඩි 10 ක් – අලුත් කොළ පාට නෙල්ලි ගන්න.
  • ලියාගත් නිවිති කොළ කෝප්ප බාගයක්.
  • කොහොඹ කොළ දහයක්.
  • උළුහාල් කුඩු මේස හැදි 2 ක් – උළුහාල් කුඩු පහේ මෝල්වල ගන්න තියෙනවා. නැත්නම් උළුහාල් ටිකක් කබලේ වැදලා අරන් කුඩු කරගන්න.
  • තෙඹු කොළ පහක්.
  • රතු කැකුළු හාල් කොප්ප බාගයක්.
  • පොල් කිරි කෝප්ප බාගයක්.
  • ලුණ ටිකක්.
  • වතුර.

සාදාගන්නා ආකාරය

  • ඉඟුරු සුදුලූනු කෑලි කපාගන්න.
  • සියළුම කොළ වර්ග සෝදා තරමක් කුඩා කැබලි කපාගන්න.
  • නෙල්ලි ගෙඩි සෝදා කෑලි කපාගන්න. ඇටත් සමග ගන්න.
  • දැන් කොළ වර්ගවලින් ටිකක් සුදුලූනු ඉඟුරු ටිකක් නෙල්ලි ගෙඩි හතර පහක් ගල් වංගෙඩිවකට දමන්න.කොටන්න. පිරිසිදු රෙදි කඩක් තියාගෙන යුෂ පෙරාගන්න.
  • මේ ලෙස සියඵ කොළ වතුර කෝප්ප එකහමාරක් සමඟ ලිපේ තියන්න. මද ගින්නේ පිසින්න. හොඳ කැඳක් එනතුරු පිසින්න.
  • කැඳ ගතිය ආවට පසුව එය පොල් කටු හැන්දෙන් පොඩි කරන්න.
  • පසුව එයට පොල් කිරි සහ උළුහාල් කුඩු එක්කරන්න. ලුණු තේ හැදි බාගයක්ද දමන්න. පොල්කිරි කෝප්ප බාගයක්ද දමන්න. හොඳින් රත්කරන්න. පසුව මද ගින්නේ පිසින්න.
  • මේ එන කැඳ දෙකකට දමා එකක් බොන්න. ඉතිරි එක ඔබේ සැමියාට මවට හෝ පියාට දෙන්න.
මැජික් කෑම වර්ග 3ක් මෙන්න..
කාට කියන්නද මේ දුක…?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories