Sri Sri Madhara
නිතර අහන ප්‍රශ්න වලට පිළිතුරැ.
Sri Sri Madhara
නිතර අහන ප්‍රශ්න වලට පිළිතුරැ.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් ආයතනය කුමක්ද?
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුදග්ලික සමාගම පිරිසිදු හර්බල් ආයුර්වේදීය රෑපලාවන්‍ය නිෂ්පාදන ආනයනය අපනයනය නිෂ්පාදනය අලෙවිය මූලික කරගත් සමාගමකි. හර්බල් නිෂ්පානය අපනයනය සහ ආනයනය සඳහා රජයේ ලියාපදිංචි කර ඇති විශ්වාසනීය ආයතනයකි.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් ආයතනයේ රෑපලාවන්‍ය නිෂ්පාදනවල අරමුණ කුමක්ද?
මේ පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ පිරිසිදු ආයුර්වේදීය හර්බල් රෑපලාවන්‍ය කලාවේ නැවුම් වෙනසක් කළ, මුහුණු ලක්ෂ තුනකට වඩා පැහැපත්කළ, සුවපත් කළ ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගමේ නිළ වෙබ් පිටුවටයි. මිස් වසර දෙකකට පෙර අප ශ්‍රී ලාංකීය ලාවන්‍යා ලෝකයට අප පිවිසුනේ අතිශය අපිරිසිදු රසායනික මායාවලින් ශ්‍රි ලාංකීය මුහුණු විනාශ කළ වියවුල් කළ විපිරීත කළ කාලයකයි. ශ්‍රි ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගම මේ රෑපලාවන්‍ය ලෝකයට පය තැබුවේම පිරිසිදු හර්බල් සහ ඕගැනික් නිෂ්පාදන සමඟින් අපේ යොවුන් මුහුණුවලට ශාන්තිකරමයක් කරන පිරිසිදු චේතනාවෙන් පමණයි.
එම අරමුණ, අපගේ අභිලාෂය බවට පත්කරගෙන පසුගිය කාලය පුරාම අප ශ්‍රී ලාංකීය මුහුණු ලක්ෂ තුනකට වඩා පිරිසිදුව පැහැපත්කරමින්, සුවපත් කරමින්, අපගේ ඉලක්ක සපුරා ගත්තෙමු. අනන්ත වූ පාරිභෝගික විශ්වාසයත් ආදරයත් ගෞරවයත් දිනාගනිමින් පිරිසිදු කීර්තිනාමයක් අප උපයාගත්තෙමු. අද මෙසේ නිළ වෙබ් පිටුවකින් එළිදකින්නේ ඒ පිරිසිදු ලාවන්‍යා නිෂ්පාදන පොකුරයි. ඒ සමඟ අපගේ අවංක අභිලාෂයන් සහ පිරිසිදු නිෂ්පාදන ප්‍රමිතීන් අප රැකගෙන ඇත.
සුන්දර සීගිරි ලලනාවන්ගේ සිට රජ කුමරියන්ගේ පංචා කල්‍යානය දක්වාත් ඉන් නොනැවතී ගමේ, ඇලේ, දොලේ රූබර අවුරුදු කුමරියන් දක්වාත් ගලාගෙන එන ලාංකීය යුවතියගේ කුමරියගේ මල්වර දැරියකගේත් හෙළ කුල සිරිතට දොරට වඩින මනමාලියගේත් සුන්දරත්වයේ රහස් කැටිකර ඔබ වෙනුවෙන් අපි ඇප කැප වන්නෙමු. ඉදිරියටත් එය එසේම වෙනු ඇත.
දොළ ළඟ, වැව් ඉස්මත්තේ, ගං දිය ඉවුරේ ගල් තලාවක උරච්චි කළ අමුකහ, වෙනිවැල්, ගොඩපර, බෙහෙත් නෙල්ලි සාරයන්ගෙන් සුන්දර වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ චමත්කාරය මුළු ලෝකයම අගය කළා. නමුත් ඉන් පසුව බාල රසායනික කුණාටුවකින් ඇගේ රූපය ඇගේ සුන්දරත්වය විනාශ කර දැමුවා. බහුජාතික සමාගම් බාල බ්ලීචින් ක්‍රීම් එකෙන් අපේ යුවතියගේ මුදු කොමල සුන්දරත්වය පැහැර ගත්තා. ඉන් පසු කතාව බොහෝම දුක්බර කතාවක් වුණා.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් පුද්ගලික සමාගම ඔබ වෙත එන්නේ නැවුම් ස්වභාවික ලාවන්‍යා සත්කාර දෝතක් රැගෙනයි. ස්වභාවිකත්වයම සුන්දරයැයි විශ්වාස කරන අපි එහි පිවිතුරුම සාරයන් එකට කැටි කරගෙන ඔබ වෙත පිරිසිදු යමක් රැගෙන එන්නෙමු. ඉතින් ඔබේ ජීවිතයට ශ්‍රී සුබ වසන්තයක් රැගෙන එන්නට අපට අවසර. අපේ ලාවන්‍යා සත්කාර මාලාව මෙතැන් සිට ඔබ වෙත පිවිතුරුව පිරිසිදුව රැගෙන එන්නෙමු.
රජය පිළිගත් ආයතනයක් ලෙස පිළිගත් ප්‍රමිතීන් නිසි පරිදිම අනුගමනය කරන අප වඩාත් පිරිසිදුම දේ පමණක් දෙන්නට යළිත් වතාවක් පොරොන්දු වෙමු.
එය අපගේ කීර්තිනාමය පමණක් නොවේ. ව්‍යාපාරික අභිලාෂයද අනාගත ඉලක්කයද වන්නේය.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් ආයතනය පිහිටා ඇත්තේ කොහේද?
අප නුගේගොඩ සහ හෝමාගම මූලික කරගෙන ව්‍යාපාරික සහ නිෂ්පාදන කටයුතු කරගෙන යන සමාගමකි.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් ආයතනයේ නිෂ්පාදන මිලදී ගත හැකි වෙනත් තැන් තිබෙනවාද?
නැත. අපගේ නිෂ්පාදන මිළට ගත හැක්කේ මෙම වෙබ් පිටුවෙන් පමණි.
මිළදී ගැනීමක් කරන්නේ කෙසේද?
මෙම වෙබ් පිටුවට පිවිස ඔබට අවශ්‍ය නිෂ්පාදනය හෝ නිෂ්පාදන ඔබට තෝරාගත හැකියි. එසේ තෝරාගෙන ‘BUY IT NOW’ එක ක්ලික් කරන්න. එවිට එම අවස්ථාවේම ඔබට නිෂ්පාදනය මිළට ගත හැකියි. නැතහොත් තවත් නිෂ්පාදන ඔබට දිගටම මිළදී ගැනීමට අවශ්‍යනම් ‘ADD TO CART’ ක්ලික් කර තෝරාගත් නිෂ්පාදන සියල්ලම ඔබේ පැසට එකතුකරන්න. අවසානයේ Checkout බට්න් එක ක්ලික් කර මිළට ගැනීමේ පිටුව වෙනතට පිවිසෙන්න. එහිදී ඔබට ලබාදෙන උපදෙස් අනුව මිළට ගැනීම සම්පූර්ණ කරන්න.
මිළදී ගන්නා නිෂ්පාදන සඳහා ගෙවීම් කරන්නේ කෙසේද?
ඔබට ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතින් හෝ ඩෙබිට් කාඩ් පතින් ගෙවීම් කළ හැකියි. නැතහොත් ‘කෑෂ් ඔන් ඩිලිවරි’ CASH ON DELIVERY ක්‍රමය යටතේ ගෙන්වාගත හැකියි. නිෂ්පාදන අතට පත්වෙන අවස්ථාවේදී ගෙවීම් කළ හැකියි.
මම මගේ ඇණවුම ස්තීර කළා. ඉන් පසුව සිදුවන්නේ කුමක්ද?
ඇණවුම ස්තිරකළ පසුව ඔබට අපෙන් ඇණවුම ස්තීර කළ බවට SMS පණිවිඩයක් අපගේ විශේෂ HOT LINE සේවය වූ SRI MADHARA වෙතින් ලැබෙනු ඇත. එසේම ලබාදුන් ඊ මේල් ලිපිනයටද පණිවිඩයක් ලැබෙනු ඇත. ඉන් අදහස් වන්නේ ඇණවුම ස්තීර කළ බවත් ඇණවුම ඉදිරි දින 3 තුළ ඔබට ඩිලිවරි වෙන බවත්ය.
ඇණවුමක් මා වෙත ලැබීමට දින කීයක් ගත වෙනවාද?
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දින 2 -3 ක් අතරත් ඉන් පිටත දින 3 කුත් ගතවේ. හැකි ඉක්මනින් ඇණවුම ලබාදීම අපගේ අරමුණයි. ඇණවුම ඩිලිවරි සේවය වෙත ලබාදීමේදීද ඔබට SMS පණිවිඩයක් සහ ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත. ලබාදුන් දුරකථන අංකවලට ඇණවුම ස්තීර කරගැනිම සඳහා අප විසින් කතාකරනු ලැබේ. එම නිසා දුරකථනයට පිළිතුරැ දීම අනිවාර්යෙන් කළ යුතු දෙයකි.
ඇණවුමක් ස්තීරකළ පසුව වෙනස් කළ හැකිද?
ඉතාම කණගාටුයි. ඇණවුමක් ස්තිරකළ පසුව යළිත් වෙනස් කළ නොහැක.
ක්‍රෙඩිට් කාඩ් පතකින් හෝ ඩෙබ්ට් කාඩ් පතකින් ගෙවීම් කිරීම විශ්වාසදායිද?
නිසැකවම. අප ශ්‍රී ලංකාවේ විශ්වාසදායීම ඊ කොමර්ස් බැංකු ගණුදෙනු සේවය වන PayCrop හී සේවය ලබාගෙන ඇත. එසේම ඊ කොමර්ස් බැංගු ගනුදෙනු සඳහා උපරිම ආරක්ෂාව සම්පත් බැංකුව විසින් ලබාදි ඇත. එම නිසා කිසිදු බියක් ඇතිකරගත යුතු නැත.
ඇණවුමක් සඳහා මුදල් ගෙවූ පසුව නැවත මට එය REFUND කරගත හැකිද?
කණගාටුයි. ගෙවූ මුදල නැවත ඔබට ලබාගත නොහැකියි. එම මුදලට අවශ්‍යකරන නිෂ්පාදන ඔබට ලැබෙනු ඇත.
දින 3 ක් හෝ 4 ක් තුළ ඇණවුම නොලැබේනම්?
රටේ විශේෂ තත්වයක් නිසා හෝ තද වැසි හෝ ගංවතුර තත්වයන් නිසා හෝ දුරකථනයට පිළිතුරැ නොදිම නිසා ඇණවුම් ප්‍රමාද විය හැකියි. එයින් කුමන කාරණයක් නිසා ප්‍රමාදක් වුවද ඒ ගැන SMS පණිවිඩයකින් ඔබව දැනුවත් කරනු ඇත.
මට ලැබෙන්නේ මම ඇණවුම් කළ නිෂ්පාදනයමද?
ඔව් එය නිසි පරිදි පරීක්ෂාකර බලා එවනු ලබන පැකේජයකි. යම් ආකරයකින් ඒ ඇණවුම් කළ නිෂ්පාදනය නොවේනම් ඔබට අපගේ HOT LINE එක වූ 0783899899 අංකයට කතාකර කිව හැකියි. එවිට ඔබේ ප්‍රශ්නය ඔවුන් විසින් විසඳා දෙනු ඇති.
මට ලැබුණු නිෂ්පාදනයක් නැවත රිටන් කළ හැකිද?
නිෂ්පාදනය අතට පත් වූ අවස්ථාවේදීම අවශ්‍යනම් රිටන් කළ හැකියි. එයට සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ යුතුයි. එසේනම් ඩිලිවරි අංශය ආයතනය සමඟ සම්බන්ධ වී එය විසඳනු ඇත.
මට වෙනත් කෙනෙකුට තිළිණයක් ලෙස ඇණවුමක් ලබාදිය හැකිද?
ඔව් එය කළ හැකියි. එතනදී ’Shipping Addresss’ එක තිළිනය ලැබෙන කෙනාගේ ලිපිනය ලෙස දමා එවිය හැකියි. එවැනි ඇණවුම් වලදී ඇණවුම සඳහා පූර්ව ගෙවීමක් කළ යුතුමය.
ශ්‍රී ශ්‍රී මධාරා වෙල්නස් ආයතනයේ නිෂ්පාදන ආනයනය කරන ඒවාද?
නැත. සියල්ල 100% ක්ම ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන වේ. අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය කිහිපයක් ඇරැණු කොට ඉතිරි සියලු අමුද්‍රව්‍යයන්ද අප විසින් ශ්‍රී ලංකාවේන්ම සපයා ගන්නා ඒවා වේ.
ශ්‍රී ශ්‍රී මධාරා නිෂ්පාදනවල රසායනික දේවල් අඩංගු වෙනවාද?
නැත. කිසිදු රසායනික දෙයක් සමට අහිතකර බිලිචින් වැනි රසායනිකයන් අප විසින් එකතුකරනු නොලැබේ. සියලුම නිෂ්පාදන 100% ක්ම ස්වභාවික හර්බල්බවට අප විසින් සහතික කර ඇත.
ශ්‍රී ශ්‍රී මධාරා නිෂ්පාදවල රසායනිකයන් නැතිබවට සහතික කර ඇත්ද?
ඔව්. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (CISIR ) රසායනාගාරතුළ අපගේ නිෂ්පාදන සාම්පල පරීක්ෂාකර කිසිදු රසායනිකයක් නැති බවට සහතික කර ඇත. තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තුමෙන්තුවටද අප විසින් සියල්ල යොමුකර ඇත.
ස්වභාවික හර්බල් නිසා කල් ඉතුත්වීම ඉක්මන් විය හැකිද?
ස්වභාවිකව හර්බල් නිසාත්, කිසිදු කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් නිෂ්පාදනයේදී ඇතුලත් නොකරන නිසාත් ජල වාෂ්ප හෝ වතුර මුසුවීම නිසා කල් ඉකුත්විය හැකියි. එම නිසා වියලි හැන්දකින් පමණක් පාවිච්චි කරන්න. කිසිම අවස්ථාවක ජලය හෝ ජල වාෂ්ප නිෂ්පාදනය තුළට ඇතුල්වීමට ඉඩ නොතබන්න. එසේ වුවහොත් අප විසින් නියම කර ඇති කාලය දක්වා නිෂ්පාදන පාවිච්චි කළ හැකියි.
ශ්‍රී ශ්‍රී මධාරා ආයතනය සම්බන්ධ කරගත හැක්කේ කෙසේද?
0783899899 දරණ අපගේ දුරකථන අංකයෙන්ද, info@srisrimadhara.com යන ඊ මේල් ලිපිනයෙන්ද අපට සම්බන්ධකර හැක.