දෙහි මින්ට් වතුර පානය (ඩීටොක්ස් පානය)

නිදාගෙන සිටිද්දී පවා බර අඩුවෙන.. උදරයේ මේද දියවෙන.. ලෝකය පුරාම රැල්ලක් සේ පැතිරීගෙන යන පුදුමාකාර පානයක තොරතුරු

දෙහි මින්ට් වතුර පානය (ඩීටොක්ස් පානය)

ශරීරයේ බර වැඩිවීම අවුරුදු තිහෙන් පසුව කාන්තාවන් මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් වෙලා. විශේෂයෙන් දරුවන් ලැබීමෙන් පසුවත් නිසිලෙස ආහාර පාලනය නොකිරීම නිසාත් ශාරීරික ව්‍යායාම්වල මදකම නිසාත් මේ ප්‍රශ්නය ඇතිවෙනවා. විශේෂයෙන්ම උපත් පාලන පෙති බහුලව ගැනීම නිසාත් කාන්තාවන්ගේ හෝමෝන සමතුලිතතාවයේ ඇතිවෙන අසමතුලිතතාවයන් නිසාත් මේ තත්වය තවත් දරුණුවෙනවා.ආහාර පාලනය කිරීම ගැන කාන්තාවන් බොහෝ සේ උනන්දුවෙනවා. නමුත් ශරීරයේ බර රාත්තලකින්වත් අඩුනොවීම ගැනත් නිතර නිතර දුක්මුසුව කතාකරනවා. අහිතකර ලෙස ආහාර පාලනය කිරීම හේතුවෙන් ශරීරයට අවශ්‍යම පෝෂණය නොලැබීයාම නිසා විවිධ රෝග තත්වයන්ටත් ඔවුන් ලක්වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් හා වෙනත් පෝෂණ සංඝටක නොලැබීයාම පසු කාලයේදී ඔස්ටියෝපොරෝසීස් වැනි බරපතල අස්ථි ආබාධ ඇතිකරනවා.
මේ නිසාම ශරීරයේ බර පාලනය කරන විශේෂයෙන්ම උදරය ඉදිරියට නෙරාඒම අවම කරන විශේෂ සත්කාර ගැනත් කතා අහන්නට ලැබෙනවා. ලෝකය පුරාමත් මේ තත්වය මෙයාකාරයෙන්ම යනවා. නමුත් එවැනි බෙහෙත්වර්ග බොහෝමයක් ශරීරයට අහිතකරයි. ශරීරයේ නිරෝගී පැවැත්මට කිසිම ආකාරයක අහිතකර බලපෑමක් ඇති කර නොගෙන ගතහැකි දේවල් තියෙනවාද..? බටහිර පෝෂණවේදීන් මෙන්ම වෛද්‍යවරුත් මේ ගැන පර්යේෂණ කළා. ඔවුන් අතීත ආයුර්වේදය දෙසටත් හැරුණා.එකක් තමයි මී පැණි සහ දෙහි පානය. තවත් එකක් තමයි මිනිට් කොළ සහ දෙහි පානය. මේ වැනි පාන වර්ග ගැන බහුලව කතා වුණා. මින්ට් සහ දෙහි පානය ගැන විශේෂ අවධානයක් ඔවුන් යොමුකළා. මේ වැනි පානයන්ට ඔවුන් කිව්වේ ‘ඩීටොක්ස් වෝටර්’ කියලයි. ඉන් ඇතිවෙන ප්‍රතිඵල විශ්මයජනක බව බොහෝ දෙනා අත්දැකීමෙන් ප්‍රකාශ කළා.මේ පානයෙන් ඇතිවෙන එකම දේ ශරීරයේ බර අඩුවීම පමණක්ම නොවෙයි. ඉන් ඔබේ මනසේ කි‍්‍රයාකාරීත්වය වැඩිකරනවා. මනස සන්සුන්කරනවා. එසේම මේදය දහයන කිරීම සඳහා ශරීරයේ පවත්වාගෙන යා යුතුම වූ මූලික කි‍්‍රයාකාරීත්වය වැඩිකරනවා. එයට කියන්නේ ‘මෙටාබොලිසස්’ කියලයි. මේ මෙටාබොලිසම් එක මේ පානයෙන් වැඩිකරනවා. ප්‍රතිඵලය සරලයි. මේදය ඉක්මනින් දහනය වෙනවා. ශරීරයේ බර අඩුවෙනවා. එසේම මේ මගින් ශරීරයේ අහිතකර ද්‍රව්‍ය ඇත්නම් ඒ කියන්නේ ‘ටොක්සින්’ ඇත්නම් ඒවා ඉවත්කරනවා. මේ පානය බීමෙන් නිතරම කුස පිරුන ගතියක් ඇතිවෙන නිසා අහිතකර කෑම ගැනීම මෙන්ම නිතර නිතර කෑම ගැනීමත් අඩුවෙනවා. ඒ විතරක් නොවෙයි. මේ පානය ගන්නා ගමන් ටිකක් මහන්සි වී වැඩකළොත් ඇතිවෙන ප්‍රතිඵල හතර ගුණයකින් වැඩිවෙනවා. සාමාන්‍යයෙන් මේ පානය නොගෙන වැඩකිරීම නිසා එසේ වෙන්නේ නෑ. එසේ වන්නේ මේ පානය මගින් ශරීරයේ මේද දහනය කිරීමේ වේගය ඒ කියන්නේ මෙටාබොලිසම් එක වැඩිකරන නිසයි. ඉතින් අපි මේ පානය හදාගෙන නිතර නිතර බොමු. සාමාන්‍ය වතුර වෙනුවට අද ඉඳලා මේ පානය බොන්න. කිසිම අහිතකර බවක් නෑ.

මේ පානය හදාගන්න හරිම පහසුයි. ඇත්තටම එය විශ්මයජනකයි.

විශ්මිත ඩීටොක්ස් පානය නිවසේදී සාදාගන්නට අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදාගන්නා ආකාරය (දවසකට පානය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණය)

  • මින්චි කොළ ග‍්‍රෑම් 250 ක්
  • දෙහි ගෙඩි 10 ක්
  • වතුර වීදුරු 9 ක්
  • තරමන් ලොකු වතුර දමන ඩිගැන්ටරයක්

සාදාගන්නා ආකාරය.

  • පිරිසිදු වතුර වීදුරු නමයක් ගන්න. එය ඩිගැන්රයට දමන්න.
  • දැන් දෙහි ටික ඉතාම සිහින් තීරුවලට කපාගන්න.
  • දෙහි තීරු තරමක් අතින් මිරිකාම වතුර ඩිගැන්ටරයට දමන්න.
  • දැන් මින්චිකොළ ටික ගන්න. එය අතින් හොඳින් පොඩිකර වතුර ඩිගැන්ටරයට දමන්න.
  • දැන් මෙසේ සාදාගත් වතුර පැයෙන් පැය බොන්න. වතුර වීදුරුවක් පැයකට බොන්න. වතුර ඩිගැන්ටරය ශීතකරණයේ තබන්න.
  • අවශ්‍ය වෙලාවට ගෙන ඉන් වතුර වීදුරුවක් බොන්න.
  • මතක ඇතිව සෑම කෑම වේලකටම පෙර වතුර වීදුවක් බොන්න
  • කෑම ගැනීමෙන් පැයකට පසුවත් වතුර වීදුරුවක් බොන්න.
  • රාතී‍්‍ර නින්දට පෙර අවසාන වීදුරුවත් බොන්න.
  • මේක ඉතාම හොඳ පානයක් නිසා නිතර නිතර බීම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබට ගැස්ට‍්‍රයිටීස් අමාරුව තියෙනවානම් මින් වතුර වීදුරුවක් දෙකක් බී බලන්න. ගැස්ට‍්‍රයිටීස් අමාරුව වැඩිවෙනවානම් බොන්න එපා. වෛද්‍ය උපදෙස් මත පමණක් බොන්න.
  • දවසක සාදාගන්නා ප්‍රමාණය පසුදා බොන්න ගන්න එපා. අලූත් ඩෙටොක්ස් වතුර ඩිගැන්ටරයක් හදාගන්න.
  • මේ පානය බොන කාලයේදී පාන් වැනි පිටි මිශ‍්‍ර කෑම කන්න එපා. හැකිතරම් ගෙදර වැඩකරන්න. දහදිය දමනවිට මේ පානය ඉතාම හොඳින් ක්‍රියාකරන බව මතකයේ තබාගන්න. හැකිනම් ටිකක් ඇවිදින්න. මේ පානය බොනවිට හොඳින් මුත‍්‍රා පහවෙනවා. ඒ ගැන බියක් ඇතිකරන්න එපා. එය ඉතාම නිරෝගී දෙයක්.

ඳු මාසයක් මේ පානය පානයකර බලන්න. ඇතිවෙන වෙනස ගැන ඔබටම අවබෝධයක්

ලස්සන දිලිසෙන බැබලෙන වරළසකට රහස් ප්‍රතිකර්මයක් මෙන්න..
අවුරුදු දහයකින් තරුණ කරන විශ්මිත මී පැණි පානයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories