Maya Green Herbal Face Pack + Face Wash + Cream

(22 customer reviews)

රු4000.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

 

පිම්පල් ඇක්නී වලින් දුක් විඳි මුහුණු 36,000 ක් සුවපත්කළ ශ්‍රී ලංකාවේ දැනට ඇති හොඳම පිම්පල් Free ඇක්නී හර්බල් සත්කාරය යලිත් සම්පූර්ණ සත්කාර කට්ටලයක් ලෙසින්. 100% හර්බල් සාරයන්ගෙන් අනූන MAYA PIMPLE FREE FULL TREATMENT SET එක සමඟින් පිම්පල්වලින් තොර නිකළැල් පැහැදිළි සමක් ලබාගන්න.

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.

Recommended for?

It is the best herbal treatment that controls the skin conditions that affect the recurrence of pimples & prevents skin infections.

Contents & Ingredients

MAYA PIMPLE FREE FULL TREATMENT SET හී අන්තර්ගත නිශ්පාදිත මොනවාද?

  1. මායා පිම්පල් ෆ්‍රී ග්‍රීන් හර්බල් පැක් 1 ක් (150g)
  2. මායා ග්‍රීන් හර්බල් ෆේස් වොෂ් දෙකක් (100ml දෙකක්)
  3. මායා ඇක්නී ෆ්‍රී ස්පොට් ක්‍රීම් එක (50g)

MAYA PIMPLE FREE FULL TREATMENT SET හී අන්තර්ගත හර්බල් මොනවාද?

Maya Pimple Free Green Herbal Pack එක සාදා ඇත්තේ කුමකින්ද?

තුල්සි පවුඩර්, ඕගැනික් ඕට්ස් පවුඩර්,හොඳම සැන්ඩ්ල්වුඩ් පවුඩර්, ග්‍රීන් ටී, ටී ට්‍රී සාරය, නීම්, අම්ලා පවුඩර්, වෙටිවර් පවුඩර්, කස්තුරි හල්දී පවුඩර්, ඇලෝවේරා පවුඩර්, රෝස් පෙටල් පවුඩර්, මොරින්ගා පවුඩර් සහ තවත් දේ.

Maya Green Herbal Face Wash එක සාදා ඇත්තේ කුමකින්ද?

ග්‍රින් ටී සාරය, ටී ට්‍රී සාරය, නට්මැග් සාරය, කුරැඳු සාරය, ඇලෝවේරා සාරය සහ හොඳම මී පැණි සාරයෙන් නිෂ්පාදනය කර ඇත.

Maya Acne Free Spot Cream එක සාදා ඇත්තේ මොනවාගෙන්ද?

කුරැඳු බටර්, බී හනී, ටී ට්‍රී සාරය, හර්බල් සාරයන්, බී හනී ඉටි, ඇලෝ සාරය අන්තර්ගතයි.

What are the product contents of MAYA PIMPLE FREE FULL TREATMENT SET?

  1. Maya Pimple Free Green Herbal Pack 1 (150g)
  2. Two Maya Green Herbal Face Wash (Two 100ml)
  3. Maya Acne Free Spot Cream (50g)

What are the herbal ingredients of MAYA PIMPLE FREE FULL TREATMENT SET?

Content of Maya Pimple Free Green Herbal Pack

Tulsi Powder, Organic Oat Powder, Best Sandalwood Powder, Green Tea, Tea Tree Extract, Neem, Amla Powder, Vetiver Powder, Kasturi Haldi Powder, Aloe Vera Powder, Rose Petal Powder, Moringa Powder and more.

Content of Maya Green Herbal Face Wash

Green tea extract, Tea Tree Extract, Nutmeg Extract, Cinnamon Extract, Aloe Vera Extract and Best Bee Honey Extract

Content of Maya Acne Free Spot Cream

Cinnamon Butter, Bee Honey, Tea Tree Extract, Herbal Extracts, Bee Honey Wax, Aloe Extract.

Benefits

MAYA PIMPLE FREE FULL TREATMENT SET හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

සති 8 කින් පිම්පල්වලට සමුදෙන්න. ලෝකයේ පිම්පල් සහ ස්කින් ආසාධන සඳහා ඇති හොඳම හර්බල්වල එකතුවකින් සෑදු විශිෂ්ට ප්‍රතිඵල සහතික කරන Herbal Pimples Treatment එක එයයි.

Phenomenal Results of MAYA PIMPLE FREE FULL TREATMENT SET

Say goodbye to pimples in 8 weeks. It is an Herbal Pimples Treatment that combines the best of the best herbal remedies for pimples and skin infections in the world.

How To Use

මායා ෆේස් පැක් එක පාවිච්චි කරන්නේ කෙසේද?

  • මායා ෆේස් පැක් එකෙන් තේ හැදි 1 ක් හෝ දෙකක් වතුර සමඟ හොඳින් මුසුකර ක්‍රීම් ගතියට හුරැ පෙස්ට් එකක් සාදාගන්න. හොඳම මී පැණි ඇත්නම් එයට මුසුකළ හැකියි. ක්‍රීමි මෘදු පේස්ට් එකක් හොදින් මුසුකර සාදාගන්න.
  • මායා ෆේස් පැක් එක දමා මුහුණ හොඳින් පිරිසිදු කර පිසදාගන්න. දැන් සාදාගත් පේස්ට් එක ආලේප කරන්න. විනාඩි 30 ත් 40 ත් අතර කාලයක් පැක් එක වියලෙන තුරැ තබන්න. පසුව අත තෙමාගෙන මෘදුව කවාකාරව පිරිමදිමින් පැක් එක මුහුණින් ඉවත්කරන්න.
  • අයිස් වතුරින් තවන්න. පිසදාන්න. පැයක් යනතුරැ කිසිවක් ආලේප කරන්න එපා.

මායා ෆේස් වොෂ් එක පාවිච්චි කරන්නේ කෙසේද?

  • මුහුණ සෝදන හැමවිටම දාන්න.
  • උදෑසන සහ නින්දට පෙර පාවිච්චි කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි
  • හවස වැඩ නිමවා නිවසට ආ විටත් දැමීම කළ යුතුයි
  • තෙත මුහුණට ආලේප කර විනාඩි 5 ක් හොඳින් තෙත අතින් මසාජ් කරන්න
  • පසුව සෝදාහරින්න.

මායා ඇක්නි ෆ්‍රී ස්පොට් ට්‍රීට්මන්ට් ක්‍රීම් එක පාවිච්චි කරන්නේ කෙසේද?

  • මායා ෆේස් වොෂ් එකෙන් මුහුණ හොඳින් පිරිසිදුකර පසුව පිසදා නින්දට යන්නට පෙර ඇක්නී ක්‍රිම් එකෙන් ටිකක් ගෙන පිම්පල් මත සහ අසාධනය වූ තැන්වල  පමණක් ඩොට් එකක් සේ තබන්න. අනික් ප්‍රදේශවල ගෑම අවශ්‍ය නැත.
  • එහෙමම එය තියෙනනට හැර නින්දට යන්න,
  • උදෑසන ෆේස් වොෂ් දමා මුහුණ සෝදන්න.
  • නිවසේ නිස්කලංකයේ ඉන්නා අවස්තාවලත් ආලේප කළ හැකියි.
  • මෙම සත්කාරය ඇරඹීමට පෙර සති අන්තයේ දිනයක හොදින් බඩ සුද්ද වීමට බොන්න. හැකිනම් දින දෙකක්වත් එය කරන්න. බඩ සුද්දවීමට ආයුර්වේද මෙන්ම බටහිර බෙහෙත්ද ෆාමසියකින් ලබාගත හැකියි. ඔබේ උදරයේ ඇති අධික උෂ්ණය සහ අපද්‍රව්‍ය මුහුණට හොඳින්ම බලාපාන බව තරයේ මතක තබාගන්න. එම නිසා මේ වතාවත කළ යුතුම දෙයකි.
  • සති 8 කාලයක් සඳහා අධික තෙල් කෑම, අධික යීස්ඩ් යෙදූ පිටි කෑම, සම්බා සහල් බත්, උෂ්ණාධික මාලු වර්ග, සොසේජස්, චයිනිස් කෑම, සොයා සහ වෙනත් තක්කාලි සෝස්, චයිනිස් සෝස්, පේස්ටීස්, සියලුම බේකරි කෑම, කොත්තු, පැණි බීම වර්ග, විනාකිරි අන්නාසි සහ වෙනත් සැර කෑම, අච්චාරැ, ඇල්කොහොල් යනාදියෙන් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගන්න.
  • අලුත් එළවඵ පළතුරැ කොළ පැහැගත් පළාවර්ග, කහ පැහැති පළතුරැ සහ එළවඵ, කැකුඵ හාලේ බත්, කැකැඵ ඉඳි ආප්ප, රතු හාලේ පිට්ටු, තැඹිළි, කුරැම්බා, මුං ඇට, ධාන්‍ය වර්ග පිරිසිදු වතුර හැකිතරම් ඔබේ ආහර වේලට එකතුකරගන්න.
  • අනවශ්‍ය මේකප් සහ වෙනත් ආලේපනවලින් ඈත්වෙන්න. සැර රසායනික ආලේපන සහ මේක් අප් ඔබට අහිතකරයි.
  • මුහුණ සහ ඇහිබැම ත්‍රෙඩින් කිරීම තාවකාලිකව නවතා දමන්න. ආසාධන වැඩිවීම ඉක්මන් වෙනවා.
  • පිම්පල් කැඩීම අතගෑම මුහුණ අතගෑම සම්පූර්ණයෙන්ම නවතා දමන්න.
  • අද සිට අලුත් කුඩා තුවායක් මුහුණ පිසදැමීම සඳහා පමණක් භාවිතා කරන්න. එය දිනපතා ඩෙටෝල් දමා සෝදන්න. එය කළ යුතුම දෙයක් බව කරැණාවෙන් සළකන්න. අපිරිසිදු තෙත තුවා මුහුණ මත ඇති ආසාධන වැඩිකරයි.
  • පිම්පල් ඇති කෙනෙක්ට දිනපතා ස්නානය කළ යුතුමයි. එය හොඳින් මතක තබාගන්න. ශරීරයේ උෂ්ණය අඩුවිමට මෙන්ම දිලීරවලින් තොර හිසකෙස් සඳහා එය කළ යුතුමයි. අඩුම වශයෙන් සතියකට දින 5 ක් වත් ස්නානය කළ යුතුමයි.
  • ඔබේ හිස්හොරි ප්‍රශ්නයට අදම විසදුම් හදාගන්නග. ඒ සඳහා වෛද්‍ය සත්කාරයක් හෝ හොඳ හෙයා සත්කාරයක් ලබාගන්න. පිම්පල් ඇතිවීමේ ප්‍රබල සාධකයක් වන්නේ හිස්හොරියි. හිසේ ඇති දිලීර සම මත අධිකව ක්‍රියාත්මක වේ.
  • අද සිට ඔබේ කොට්ටයේ කොට්ට උරය මාරැකරන්න. එය පිරිසිදු සුදු කොට්න් එකක් විය යුතුමයි. දින 3 කට වරක්වත් කොට්ට උරය සෝදන්න. එය කළ යුතුම දෙයකි. අසාධන ලේ සහ සැරව නැවත නැවත මුහුණට එක්වීම ඉන් වැළකෙනවා. මෙය කළ යුතුමයි.
  • නිතරම මුහුණ හර්බල් ෆේස් වොෂ් පමණක් යොදා සෝදන්න. දිනකට 4 වතාවක්වත් එය කළ යුතුමයි.
  • මුහුණ සෝදා අවසානයේ පිරිසිදු තුවායකින් පමණක් මුහුණ සෝදන්න. එය හොදින් හිරැ එළියෙන් වියලාගන්න මතක තබාගන්න.
  • කිසිම අවස්ථාවක නිදි මරන්න එපා. පැය 8 ක නිරෝගි නින්දක් අවශ්‍යම යි.
  • පිම්පල් ඇති ඔබට තද අව්ව කොහෙත්ම හොඳ නෑ. එම නිසා තද අව් රශ්මියෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න.
  • ඔබේ ඇග අධික උෂ්ණනම් එය සිසිල් කරගන්න. ඇග සිසිල් කරන උපදෙස් ශ්‍රී ශ්‍රී මධාරා වෛද්‍යතුමාගෙන් වෙනම විමසා දැනගන්න.
  • අධික මානසික පීඩනය ඔබට කොහෙත්ම හොඳ නෑ. නිදහස් සුන්දර මනසකින් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න.
  • ඔබේ පිම්පල් ඇතිවීමේ හේතුව හොමෝන අසමතුලිතතාවයක් නිසා නම් අදම ඒ සඳහා වෛද්‍ය උපදෙස් පතන්න. ඕනම ප්‍රසව සහ නාරි වේද වෛද්‍යවරයෙකුට පෙන්වා බෙහෙත් ගත හැකියි.
  • ප්‍රමාණවත් ලෙස දිනකට වතුර ලීටර් 5 ක් වත් පානය කරන්න. තැඹිලිත් හොඳයි.

How to use Maya Face Pack?

  • Take 1-2 teaspoon of Maya Face Pack & mix well with 1 or 2 drops of water to make a thick, creamy paste. If you can find the best most organic bee honey, it can be a vital ingredient for the treatment. Stir it well & make a nice, creamy paste.
  • Cleanse your face thoroughly. Apply the paste well & leave the pack on for 30 – 40 minutes to dry. Then scrub off the pack with damp hands rubbing in a circular motion.
  • Pat your face with ice water. Wipe. Do not apply anything until an hour passes.

How to use Maya Face Wash?

  • Always use when washing your face.
  • Using it in the morning and before bed is most effective
  • It should be put on as soon as you come home after work in the evening
  • Apply it on wet face and massage it for about 5 minutes with wet hands.
  • Then wash.

How to use Maya Acne Free Spot Treatment Cream?

  • Rinse your face thoroughly with Maya Face Wash and then apply a small amount of acne cream before going to bed and leave a dot only on the pimples and infected areas. No need to apply in other areas.
  • Leave it at that and go to sleep,
  • Put on face wash in the morning and wash your face.
  • It can be applied even when you are relaxing at home.
  • Before starting this treatment, select a not so busy weekend & take suitable laxative medication to cleanse your stomach.  If possible, do it for at least two days. You can take either an Ayurvedic or western laxative option from a pharmacy. Keep in mind that the high temperature and dirt in your abdomen directly affect your face at a significant level. So, this abdomen cleansing prior to the face treatment is both essential & vital to get the best results.
  • Make a commitment to stay away from food that are high in fat, high yeast flour dishes, samba rice, hot fish, sausages, Chinese food, soy/tomato sauces, Chinese sauces, pastries, all baked goods, Kottu, soft drinks, vinegar, pineapple and be determined to avoid other spicy foods, pickles, and alcohol.
  • Add more & more fresh vegetables, fruits, green leafy vegetables, yellow fruits and vegetables, raw rice, raw rice hoppers, red rice pitta, oranges, Kurumba, green beans and whole grains and clean water to your diet as much as possible.
  • Stay away from unnecessary makeup and other cosmetics. Harsh chemical compounds and make-up are bad for your skin.
  • Temporarily stop threading the face and eyebrows. It accelerates the spread of infections.
  • Completely stop touching & popping the pimples and face skin around the infected area.
  • Use only a new small towel to wipe your face from today. Wash it daily with Dettol. Please note that this is a must do. Dirty wet towels increase the risk of infections on the face.
  • Anyone with pimples should take a shower daily. Remember that well. It should be done to reduce body heat as well as for fungus free hair. At least 5 baths a week are required.
  • Find a stellar solution to your dandruff today itself. Consult a doctor or get a good hair care. Dandruffs are a major cause of pimples. The fungus on the scalp is highly irritating & active on the skin.
  • Change your pillowcase today itself. It must be a pure white cotton. Wash pillowcases once every 3 days. It is a must do. It prevents the repetitive touch & recurrence of infected blood and pus on the face. This is a must-do.
  • Always wash your face with only herbal face wash. Must do at least 4 times a day.
  • Wash your face well and wipe your face only with a separate clean towel. Remember to dry it well in the sun.
  • Under any circumstances don’t stay awake till late night without a proper healthy sleep, an uninterrupted 8-hour sleep is extremely essential & vital to reach the top most result of this treatment.
  • Over-exposure to direct sunlight is not entirely good for your face with pimples. So, avoid going out in the harsh sunlight.
  • If your body is overheated, make it cool. Consult Dr. Sri Sri Madara separately for body cooling instructions.
  • Excessive stress is not good for you at all. Live lightly with a free beautiful mind.
  • If the cause of your pimples is due to a hormonal imbalance, seek immediate medical advices.
  • Drink water adequately, at least 5 liters per day.

22 reviews for Maya Green Herbal Face Pack + Face Wash + Cream

  1. Nadeesha Perera (store manager)

    මායා නම් මායාවක්ම තමයි!!! 😍 මගෙ මූණ ගොඩක් ඔයිලි ගතිය තිබුණෙ, මම කවදාවත් ක්‍රීම් ටිකක්වත් ගාන්නෙ නැහැ ඒ නිසා. මේකෙ රිවිව්ස් ඔක්කොම කියවලා බලලා තමයි මායා ගෙන්න ගත්තෙ. තාම සති තුනයි පාවිච්චි කළේ හැබැයි මූණෙ තිබුනු පිම්පල්ස්, පිග්මන්ටේෂන් ඔක්කොම අඩු වෙලාම ගිහින්! මූණ හරියට ක්ලියර් වෙලා පාට වැටිලා කියලා දකින හැමෝම කියනවා 😊😊
    ගොඩාක් ස්තූතියි Sri Sri Madhara ඔයාලට.. පැක් එකට විතරක්ම නෙමෙයි නොමිලේම වටිනා උපදෙස් මාලාවක් ලබා දුන්නාට.. ❤❤

  2. Dinu Lakshani (store manager)

    මම මේ පේජ් එක දැක්කෙ අහම්බෙන් මීට මාස දෙකකට කලින්. Msegකරලා විස්තර ඇහුවත් ගන්න හිතුනෙ නැ. මොකද එ වෙද්දි සුදු වෙන්න ආසාවට එක එක ඒවා ගාලා මූණ විනාස වෙලා තිබුනෙ ඒ ක්රීම් අවලස්සන කරන එකනම් හොඳට කරා. මුණ බලන්න කලකිරීමෙන් හිටියෙ. අයේ දවසක පෝස්ට් එකක් දැක්කා costumer feedback එවා කියෙවුවම මම වගේ ම අය හොඳ වෙලා තියනවා දැක්කා. Massager ගිහින් මට හොඳ මොකද්ද අරක මේක සේරම අහලා පින්තූර යවලා එහා පැත්තෙ හිටපු කෙනාට හොඳටම වද දුන්නා(මම තරම් කවුරුත් වද දෙන්න නැතුව ඇති🙈))බොහොම ස්තූතිවන්ත ව කියන්න ඕන එයා මගේ පොටෝ එක ඩොක්ටර් එනකල් ඉඳලා පෙන්නලා හදාගන්න වෙන ක්රමයක් එක්කම මට නීම් පැක් එක ගන්න කිවුවා,මාසයක් කිවුව විදියටම ගෑවා තවත් තියනවා, දැන් කුරුලැ ඔක්කෝම බැහැලා කැලැල් තියනවා එවත් අඩු වේගෙන යනවා. මම ආයෙත් කන්නාඩියක ඉස්සරහට යනවා දැන්. ඇත්තටම මට ලැබුන හොදම නිශ්පාදන ය ස්තූතියි මධාරා❤ පිං ඇත්තටම. දකින හැමෝටම ආරාධනා කරණවා විශ්වාස යෙන් මේ නිශ්පාදන පාවිච්චි කරන්න. ප්රතිඵල 100%. ශ්රී ශ්රී මධාරා තව තව දියුණු වේවා!!

  3. Madhushi Perera (store manager)

    Maya pack eka gaththata passe mage mune sahenna wenasak una 😍 A athi una wishwaseta man dan #srisrimadhara fan kenek wela ❤❤❤❤ thank u so much miss madara 😍😍😍 අනිවාර්යයෙන් hair oil ekenuth good results tyei kyla mn wishwasa karanwa…results kynwa අනිවාර්යයෙන්ම 😚😚 highly recommend

    Maya Green Herbal Face Pack + Face Wash + Cream
  4. Piumsha Mayanthi Nandasena (store manager)

    If someone says miracles are happening 😍yeah its happening with Sri Sri Madara the best Sri Lankan organic beauty product🌹 i hv only used Maya Herbal Pack and day by day my skin glows ☺️ then all of my family members used to apply this ❤️ now i ve planned to keep you as my beauty partner by taking all the products from lip balm to body pack 👍👍 can’t wait to see my pack on this week 😌😌

  5. Thilini Perera

    මම ජනවාරි මාසයේ ඉදලා Maya සහ තවත් මෙහි products තාම පාවිච්චි කරනවා. ඉතාමත් පැහැදිලි මට දැනෙන වෙනසක් තියෙනවා. සබන්වත්, face wash වත් මේ අවුරුද්දක කාලයක් තුල මූණට පිවිච්චි කලේ නෑ.කලින් මම මගේ මුහුණට වෛද්‍ය ප්‍රතිකාර පවා ගත්ත කෙනෙක් .පොඩි සැකයක් එක්ක මුලින්ම ගත්තත්, අැත්තෙන්ම මෙම තෝරාගැනීම ගැන මම අද සතුටු වෙනවා. විශ්වාස කරනවා. ඉදිරියටත් හැමදාම මේ නිශ්පාදන සමග රැදී ඉන්නවා.
    Maya නම් අැත්තටම මායාවක්ම තමා..
    All the best Sri Sri Madhara….!!!! ❤💕

  6. Ishini Samarakoon

    Highly recommend ❤️❤️Sri sri madhara , Maya harbal pack is the best product 😍😍…..mage skin eka gdk oily wagema mune pimplz pimplz gdk thibba.aurudu gnka idn eka eka products use krth kisima rsltz ekk mata hmba une ne.ahamben wage sri sri madhara products mata hamaba wela mn mulinma gtta pack eka thmai Maya pack eka.attamata eknm puduma hithena deyk!!😱 sathi 2-3k eka digta use krddi mune thibba pimplz okkma yta gihin muna clear una.masayak withrayaddi munta gdk loku eliyk awith pehepath una.ekanm attma mata hitha gnna beri una mkda mn meka gtteth anith products wagema wiswasayakin newei eth mn hithuwewath nethi dyk une.mta gdk dnk hoda comments dunna mge munata mta ekma athi😍😍adatath mge mune eka pimpl ekk awith ne❤️❤️mage muna wagema mage jiwitheth lassna krpu Sri sri madhara oylata gdk hoda diga gamnk yanna mn hadwathinma auba pathnwa😍😍

  7. Himasha

    I love Maya ❤️.This product is definitely magical. Because these products cured my long standing acne problem. This is not just a product, this is a completely natural treatment.
    Thanks to Sri Sri Madhara for providing the best natural product without synthetic chemicals. I responsibly say that all men or women suffering from acne should try this. This can be used for any skin type and works magically . I sincerely hope to continue this service.

  8. Thashmila Perera

    Pimples පිරිලා තිබුන මගේ මූනේ අද එකම එක pimple එකක්වත් නෑ.pimples නිසා ගොඩක් මානසිකව වැටිලා හිටපු මාව අද ගොඩක් සතුටින් ඉන්න ලොකුම හේතුව මේ මායා product එක.thank you sri sri madhara for ur most valuable products & service .❤️

  9. Piumsha Mayanthi Nandasena

    The best & best product that I have ever used in my life, highly recommended

  10. Ireshamadumali

    මගෙ මුනෙ ගොඩක් pimples තිබුනා.ඒවා නිසා ලප kelel තිබුනා.මම මුලින්ම maya pack eka පාවිච්චි කලා .මගෙ pimples අලුතින් එන එක ගොඩක් පාලනය උනා.පස්සේ මම chaya pack eka & scrub එක පාවිච්චි කලා.මුනෙ ගොඩක් කැලලි අඩු උනා.දැන් මම rose petal powder එක ගන්න හිතන් ඉන්නෙ.dhara hari oil එකත් ගොඩක් හොඳයි.pimples ප්‍රශ්නෙට වගෙම හිසකෙස්වල ප්‍රශ්නවලට හොදම විසදුම මට ලැනුනෙ sri sri madhara වලින්.ගොඩක් ස්තුතියි sri sri madhara 😊

  11. Apsara Gamage

    ලොකූ රවුමක් ගිහින් සෑහෙන දේවල්වලට අහුවෙලා රැවටිලා මූනම නාස්තිකරගෙන ගෙඩි පුරවගෙන තමයි මම sri sri madhara ලගට ආවේ. එයාලාට මූන පෙන්නුවේ ඒතරම් විශ්වාසයකින් නොවෙයි. sri sri madhara ලාගේ නිෂ්පාදන හොඳයි කියලා යාලුවෙක් කියපු ආරංචිය විතරයි තිබුනේ. සෑහෙන දේවල් අහලා තමයි අවසානයට ‘මායා’ පැක් සෙට් එක ගත්තේ. ගෙඩි 40 ක් විතර තියාගෙන ඒක සනීපකරගන්න කරන්න තියෙන හැමදේම කරළත් සනීපයක් නැතිව හිටපු මට ‘මායා’ ගැන විශ්වාසයක් නම් තිබුනේ නෑ. ඇත්ත ඒකයි.

    ඒත් පැක් සෙට් එකඅතට ලැබුණාම මොකක්ද ලොකූ විශ්වාසයක් ආවා. හරිම හොඳ හර්බල් සුවඳක් ආවේ. ඒත් සමඟ ලැබුණු ලීෆ්ලට් එක පැයක් විතර අරන් කියෙව්වා. ඒ කියපු ලෙසම කරන්න ගත්තා. එයාලා කියපු විදිහට කොට්ට උරය පවා දින දෙකකට වරක් හේදුවා. ටවල් එක ඩෙටෝල් දාලා දිනපතා හේදුවා. කියපු කෑම කෑවා. කන්න එපා කියපු දේවල් කෑවේම නෑ.

    දවස් දෙක තුනක් යද්දි මට සැනසීමක් දැනෙන්න ගත්තා. මේකෝ මොකක්හරි හාස්කමක් තියෙනවා කියලා හිතුණා. ඒ ආසාවෙන්ම දිගටම යූස්කළා. ලොක් ඩවුන් කාලේ නිසා විවේකයත් තිබුණා.

    අද මම පිම්පල්වලින් නිදහස්. හරි ආසාවෙන් මූන තියාගෙන බල බල ඉන්නේ. සෑහෙන දුක් විඳපු කෙනෙක් මම. කියපු කියපු ඩොක්ටර්ස්ලා ලගට ගිය කෙනක් මම. රැපියල් ලක්ෂයකට වඩා වියදම් කරපු කෙනක් මම. අන්තිමට මේ රැපියල් 3000 පැක් එක මගේ මූණ ක්ලියර් කළා. ඒකට මම හැමදාම එයාලට පින් දෙනවා. ඒ දුක දන්නේ මම විතරයි.

    විශ්වාසය ඕනි. කැපවිම ඕනි. ඒ වගෙම ආදරයෙන් මේක කරන්නත් ඕනි. එහෙම කරන්න පුළුවන්නම් විතරක් මායා ගන්න. අද මම Raj Kumari එකත් යූස්කරනවා. දැන් මම මූනම හදාගෙන තව පැහැපත් කරගන්නත් හිතනවා.

    Sri Sri Madhara ඔයාලට පිං. වෙන වදනක් නෑ මට කියන්න. ආයෙත් මූණ දිහා ආදරයෙන් බලන්න මඟ පාදලා දුන්නේ ඔයාලා. ඔයාලගේ පිරිසිදු හර්බල්වලට ඇත්තටම හරියන්න ඕනි. බුදු සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏

  12. Kethaki Liyanage

    මොන දේ කරත් මගේ මූනේ පිම්පල්ස්ඩු වුනේ නෑ. මායා ග්‍රීන් හර්බල් පැක් එක පාවිච්චි කරපු පලවෙනි සැරේ ඉදන්ම ලොකු වෙනසක් තේරුනා..පිම්පල් අඩු උනා වගේම මූනට හොද glow එකක් ආවා.Its really good product

  13. ruvini nadeesha

    මේ මායා නිශ්පාදන පෙළ පාවිච්චි කරන්න ගනිද්දී මගේ පිම්පල්ස් ගොඩාක් තිබුනා.ගොඩාක් දේවල් කලා.අඩු උනේ නෑ.ඒත් මේ නිශ්පාදනය පාවිච්චි කලේ සතියයි.අලුතින් පිම්ප්ල්ස් එන එක නැවතුනා.සති 2ක් වගේ යද්දී මාර්ක්ස් පවා අඩු උනා.වගකීමෙන් කියන්න පුලුවන්,බය නැතිව පාවිච්චි කරන්න.ආදරෙයි ශ්‍රි ශ්‍රි මදාරා❤❤

  14. Nishasewwandi

    💗💗💗Hiii sri sri madara…..💗💗💗
    Mn aurudu ganak pimple nisa duk winda….. Godaak beheth kara eth kisima prathipalayak thibune na… MAYA eka pack ekai use kare.. masayak yanna kalin pimple aduwela giya… lapa kalal godaak adu una…. meka man dakapu hodama product ekak…
    It’s a very good product.. 💗💗
    i am highly recommend….💗💗💗

  15. ruvini awanthi

    මම මේ මායා නිශ්පාදන පාවිච්චි කරන්න ගනිද්දී මගේ මුහුනේ පිම්පල්ස් ගොඩාක් තිබුනා.කියන්න සතුටුයි ගොඩාක්,ඒක පුදුමයක් වගෙයි.පලමු සතියෙම වෙනසක් තිබුනා.අලුතින් පිම්පල්ස් ආවෙම ණෑ.දිගටම පාවිච්චි කලා.පිම්පල් මාර්ක්ස් පවා අඩු උනා. මාර්ක්ස් වලට මම රාජ් කුමාරී නිශ්පාදන පාවිච්චි කරනවා. මේක නම් පුදුමයක්.වගකීමෙන් කියන්නේ බය නෙතිව පාවිච්චි කරන්න පුලුවන්. හැමදාම ආදරෙයි ශ්‍රි ශ්‍රි මදාරා�😘

  16. Mahesha Shyamali

    This is my 1st Sri Sri Madara pack.truly I can’t believed that it is so amazing. It is very very good product.thank u Sri sri Madara 💜💜💜💜💜

  17. Natasha Helassage

    This product is really magic. I responsibly say that everyone who suffers from acne should try this product for about a week. Because This product cured the acne problem I had for over EIGHT YEARS in a WEEK. I know it’s hard for you to believe, but trust me it only takes a week for this magic to happen.
    Thank you so much sri sri madhara for providing us with the only range of products that you can use with the utmost confidence without fear at a very reasonable price. if you join hands with sri sri madhara, the money you spend on other creams, it will undoubtedly be the most right decision you will make in a lifetime.

  18. Nishani Welagedara

    කියන්න වචන නෑ..මූනට ශාන්තිකර්මයක් කලා වගේ පුදුම හිතෙන වෙනසක්…මූන එලිය් වැටිලා කුරුලෑ ඉක්මනින්ම අතුරුදන් උනා..ඇත්තටම පුදුමාකාර වෙනසක්…ස්වාභාවික දේවල් වලින් මේ තරම් මැජික් කරන්න පුලුවන් කියලා පෙන්නුව ඔබට පින්..

  19. Malika Senadheera

    I Love Maya Pack ❤️💖 ජීවිතේ තිබ්බ නරකම දුකම හිතෙන දේ අයින් කරලා මගේ ස්කින් එක හරිම ලස්සනට මට හදලා දුන්නේ මායා. ඒ නිසාම මම මායා ගැන දැන් වෙද්දී 100 ට විතර කියලා තියෙනවා. ඒක පිනක් කියලා මම හිතනවා 😍 මායා එකෙන් ටිකක් තවමත් අරන් තියාගෙන ඉන්නවා. ආයෙත් කරදර කාලයක් ආවොත් ගාන්න කියලා. ඇත්තටම මේක මායාවක්…ස්තූතියි Sri Sri Madhara ජීවිතේ නරකම දේ අයින් කරලා ආයෙත් කන්නාඩිය ලගට ආසාවෙන් යන්න කාලයක් උදාකරලා දුන්නාට. පිං 🙏🏻🙏🏻🙏🏻

  20. උදයංග අමරසේකර

    මුලින්ම අපේ ගෙදර ගෑණු උදවිය මේක පාවිච්චි කරද්දි මම විවේචනය පවා කළා.. ඒත් ඒ කාලේ පිම්පල්ස් වලින් මගේ මූණ විනාශම වෙලා තිබුණේ. ඒ නිසාම අක්කාගේ බල කිරීමට මම සතියක් විතර මායා සෙට් එක පාවිච්චි කළා.. පුදුමම පුදුමයි.. එන්න එන්නම මගේ මූණට හොද එළියක් ආවා 👌👌👌 ඒත් එක්කම පිම්පල්සුත් අඩුම වෙලා ගියා 👌👌👌 ඊට පස්සේ ඇත්තටම මට මෙයාලාගේ පැක්ස් වලින් අදහන්න බැරි ප්‍රතිපල ලැබුවා.. ඒ හින්දා මම Sri Sri Madhara ට ඇත්තටම ණය ගැතියි 🙏🏻පිරිමි අයට කියලා වෙනසක් නැහැ.. ඇත්තටම මායා කියන්නේ මැජික් එකක්. මම ඒක සීයට සීයක් විශ්වාසයෙන් කියනවා..

  21. Anuradha Warawewa

    I’ve been suffering from acne for the longest time. I think I must have spent more than Rs.100,000 on this issue and I have spent hours going from one dermatologist to another. After being caught to so many misleading products I came across Maya range. It was life changing and I’ve improved my confidence so much since using this product. My acne has reduced drastically and for that I’m so thankful to Sri Sri Madhara🙏🏻 I recommend this to everyone suffering from Acne. For such a small amount it gives you amazing results!

  22. Nisansala Weerasekara

    Best Product

Add a review