බෙරි කෙසෙල් කේෂාලේපය

ලස්සන බැබලෙන දිලිසෙන කේෂ කලාපයක් ගැන සිහිනයක් ඔබටත් ඇති. රූපවාහිනියේ යන ඉන්දියානු ටෙලි නාට්‍යයක ඉන්න ඉන්දියානු නිළියන්ගේ කේෂ කලාපය දකින කෙනෙක්ගේ හදවතම කඩාගෙන වැටෙනවා. ඒ හිසකේ ඒතරම්ම ලස්සනයි. ඇත්තටම මොණර පිළක් වගේ දිලිසෙනවා. ඇල්ලක් වගේ කඩාගෙන හැලෙනවා. පුදුම සජීවි ජීවයක් ඒ හිසකේවල තියෙන්නේ.කෙනෙක්ගේ වරළසක් ඒ තරම්ම දීප්තියකින් බැබලෙන්නේ කොහොමද..? මේ නිළියන්ගේ ස්වභාවික වරළසමද ඒ.

‘ඕවා කැමරා ට්‍රික්ස්…ඇත්තට කොණ්ඩේ ඔච්චර ලස්සන නෑ..’

කාටහරි කියන්න පුළුවන්. ඒත් ඒක හරිම කුහක ප්‍රකාශයක්. ඇත්තටම ඉන්දියානු නිළියන්ගේ වරළස හරිම ලස්සනයි. ඇත්තටම දීප්තිමත්. එහෙම වුනේ කොහොමද…?

‘සල්ලිනේ..ලක්ෂ ගණන් යටකරනවා ඇති…සල්ලි උතුරනවනේ..’

ඒකත් කුහක ප්‍රකාශයක්. ඇත්තටම ඉන්දියානු සුරූපිනියන් එහෙම බටහිර රූප සත්කාරවලට වඩා තමන්ගේ රටේ සත්කාර ගැන විශ්වාස කරනවා. එයාලා මේ තරම්ම හැඩත් ඒකයි.

කොහොමද එහෙම දීප්තියක් හිසකේවලට එන්නේ.

ඒ රහස් කේෂලාවන්‍ය ප්‍රතිකාර නිසා.

කවුද ඒවා දන්නේ…?

ඒවා දන්නේ බොහෝම ටික දෙනයි. ඒත් අපි ඔබට ඒවා තෝරා බේරා ලබාදෙනවා. අදත් මේ ඉදිරිපත් කරන්නේ එවැන් දුර්ලභ රහස් ප්‍රතිකර්මයක්. මේක සතියකට දවස් තුනක් කරලා බලන්න. මාසයක් යද්දී ඔයාගේ හිසකේවලට අදහාගන්න බැරි දීප්තියක් ඒවී. ඔය මැරිච්ච පණ නැති පාන්ඩු පාට හිසකේවලට බැබලෙන මොණර පිළක්වන් දීප්තියක් ඒවී.

ඒ ගැන අපට සහතික වෙන්න පුළුවන්. මේ සත්කාරය මේ විදිහටම කරන්න.

මේක ඇත්තටම රහස් ප්‍රතිකාරයක්. දන්න කෙනෙක් ලේසියෙන් දෙන්නේ නැති සත්කාරයක්. මේ සත්කාරය රූපලාවන්‍ය සැලෝන් එකක කරලා ඕන නම් රුපියල් හය හත් දාහක් වුනත් ගන්න පුළුවන්. ඒත් අපි ඔබට ඒක නොමිලයේම දෙනවා.

රූසිරි වස්සන ලස්සන වරළසකට මෙන්න ඒ රහස් සත්කාරය…බෙරි කෙසෙල් කේෂලාවන්‍ය ආලේපනය.

ඔබට අවශ්‍ය කරන දේවල්.

  1. හොඳින් බෙරිවූ කෙසෙල් ගෙඩි 3 ක්
  2. මී පැණි මේස හැදි 3 ක්
  3. හොඳින් ඉදුණු අලිගැට පේර ගෙඩියක්
  4. ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප බාගයක් (සුපිරි වෙළඳ සැල්වලින් ගන්න පුළුවන්)
  5. බියර් බෝතල් 1 ක්

සාදාගන්නා ආකාරය

  1. බ්ලෙන්ඩරයකට බෙරිවූ කෙසෙල් කපලා දාන්න. එයටම මී පැණිත් දමන්න.
  2. එයටම අලිගැටපේර මදයත් සූරලා දමන්න.
  3. හොඳින් බ්ලෙන්ඩර් කරන්න.
  4. දැන් මේ මිශ්‍රණයට ඇපල් සයිඩර් විනාකිරි දමන්න. යළිත් බ්ලෙන්ඩර් කරන්න.
  5. බියර් බෝතලය ශීතකරණයේ තබන්න.

පාවිච්චි කරන ආකාරය

  1. අපි හදාගත් පේස්ට් එක හොඳින් හිසකේවල තවරන්න. හිසකේ මුලත් මැදත් අගත් හොඳින් තැවරිය යුතුයි.
  2. මුළු වරළසම ආවරණය වූ පසුව ෂවර් කැප් එකක් හෝ සිලි සිලි බෑගයක් හිසට දමාගන්න.
  3. විනාඩි හතළිස් පහක් මේ මිශ්‍රණය ගල්වාගෙන සිටින්න.
  4. විනාඩි හතළිස් පහකට පසුව සීතල වතුරින් හිස සෝදන්න. පරිස්සමින් මිශ්‍රණය හිසකේවලින් ඉවත් කරන්න.
  5. දැන් ශීතකළ බියර් බෝතලය ගෙන එයින් ටික ටික ගෙන හිසට දමා මෘදුව මසාජ් කරන්න. එයින් හිස සෝදන්න.
  6. පැය බාගයකට පසු සාමාන්‍ය වතුරින් හිස සෝදන්න. මේ සත්කාරය සතියකට වතාවක් පුරුද්දක් ලෙස කරන්න.

ඔයාගේ හිසකේවලට ලැබෙන අසාමාන්‍ය බැබලීම දිස්නය සජීවි බව ඔයාටම අත් විඳින්න පුළුවන්. ඒක ඇත්තටම විශ්මිත බැබලීමක්.

Cart

Log in

Create an Account
Back to Top