මැජික් කෑම වර්ග 3ක් මෙන්න..

ලෙඩ ගතිය නැතිවී..

ඇල්මැරුණු ජීවිතයෙන් ඈත්වී..

බර අඩුවී.. අනවශ්‍ය එල්ලා වැටෙන මස් අඩුවී..

මුහුණ අසාමාන්‍ය ලෙස දීප්තිමත් වී..

යෙෳවනයට යළිත් ඔබව කැන්දාගෙන යන..

ග්‍රෑම් 100 බැගින් දිනපතා කෑමට ගත යුතු

මැජික් කෑම වර්ග 3 ක් මෙන්න..

මතුපිටින් කොතරම් සත්කාර කළත් මුහුණට ආලෝකයක් එන්නේම නැද්ද..?

කොතරම් ආහාර පාලනය කළිත් ඇගේ බර රාත්තලකින්වත් අඩුවෙන්නේ නැද්ද..?

මුහුණේ දෑසේ ඇත්තේ හොණ්ඩර ගණනක බර ඇදගෙන ගියාක් බඳු වෙහෙසක්ද…?

ශරීරයේ තැනින් තැන එල්ලා වැටෙන මස් වැදිලද..? වයසට වඩා මහළු පෙනුමක් ඔබේ රූපයට ඇවිත්ද..? යළිත් අහිමිවී ගිය ආලෝකය ශරීරයට කැන්දාගෙන එන්නට  ඕනද..?

එසේනම් මෙන්න දිනපතා ග්‍රෑම් 100 බැගින් ආහාරයට ගතයුතු පුදුමාකාර විශ්මිත කෑම වර්ග 3 ක්.

ලෝකය පුරාම සිටිනා විශ්මිත ආයුර්වේද හා බටහිර වෛද්‍යවරුන් විසින් නොනවත්වා සිදුකළ පර්යේෂණ තුළින් ඔප්පු කර ඇති ප්‍රතිඵල සහිත මේ විශ්මිත කෑම වර්ග 3ට අද ලෝකයේ ඇත්තේ පුදුමාකාර ඉල්ලූමක්. නමුත් අප තවමත් මේ මැණික් කෑම වර්ග 3 ගැන දන්නේ නෑ.

මේ කෑම වර්ග 3 මේ තරම් විශ්මිත කෑම වර්ග 3 ක් වෙන්නේ ඇයි..?

ඒවා අතිශය නිරෝගීමත් ජීවිතයකට මඟ පාදන, ශරීරයට හැමදාමත් වදදුන් අසහනකාරී රෝග තත්වයන් රැසක්ම පලවාහරින අසීමිත ආලෝකයක් දීප්තියක් මුහුණට හා හිසකේවලට ගෙනෙන එසේම අහිමිවී ගිය යෙෳවනත්වයත් ප්‍රබෝධජනක ජීවිතයත් යළිත් උරුමකරදෙන කෑම වර්ග වීමයි.

මේ කෑම වර්ග 3 ග්‍රෑම් 100 බැගින් දිනපතා ගැනීම හිතනා තරම් අපහසු දෙයක් නොවෙයි. සමහර කෑම වර්ග දැනටමත් ඔබේ ප්‍රියතම අහාර ලැයිස්තුවේ තිබෙනවා. කළ යුත්තේ ඒවා දිනපතා ගැනීමත් දැනට ඇබ්බැහිවී ඇති ආහාර පුරුදු යම් ප්‍රමාණයකට සිමාකිරීමත් පමණයි. එවන් කුඩා වෙනස්වීමකින් පවා ලැබෙන ප්‍රතිඵල අදහාගන්නට පවා නොහැකියි.

මින් මතු මේ ආහාර සමඟම ජීවත්වෙනවානම් ඔබට යළිත් යෙෳවනයට ඒමේ වරමක් දේව වරමක් ලැබුණු බව සිතන්න. ඒ වරම ලබාගන්නවාද නැද්ද යන්න ඔබට පමණක් කළ හැකි දෙයක්.

1. දිනපතා අලිපේර ගෙඩියක්

 

බලන්න. කොතරම් පහසුද. විටමින් ඊ සහ විටමින් සී සපිරි මේ සෞඛ්‍ය සම්පන්න ඔයිල් ඇති ආහාරයට ඔබ කොතරම් ප්‍රියද..? මහත්වෙයි කියලා මේ රසවත් ආහාරය ඔබ කෑවේ නෑ නේද…? ආහාර මාර්ගය සුද්ද පවිත‍්‍රකර රුධිරයට හොඳ කොලෙස්ට්‍රෝල් කැන්දාගෙන එන මේ විශ්මිත ආහාරයේ වැඩිම වාසිය අත්වෙන්නේ ඔබේ සමටයි. එය සමට පහනක් දැමුවාක් වැනි කෑමක් වෙනවා. ප්‍රබෝධමත් හා ආලෝකමත් සමකට මුහුණකට දෑසකට වරළසකට මේ තරම් හිතවත් කෑමක් තවත් නෑ. දිනපතා කෑමට පෙර අලිපේර ගෙඩියක් සීනි රහිතව කන්න. අද ලෝකය පුරාම අලිගැටපේරවලට ඇතිවී තිබෙන්නේ අසාමාන්‍ය ඉල්ලූමක්. අලිපේර බටර් කියන්නේ සරලව සූරාගත් අලිපේර මදයයි. ඒවා දැමූ සැන්විචස් අද ලෝකයේ සෑම හෝටලයකමත් සෑම අවන්හලකමත් තියෙනවා. ඔවුන් ඒවා ගෙන ආහාරයට ගන්නේ සමට බටර් පෙනුමක් එන බව අත්ැකීමෙක් දන්නා නිසයි. විටමින් කේ සියයට විසිහයක්, ෆ්‍රෝලේට් සියයට විස්සක්, විටමින් සී සියයට දාහතක්, පොටෑසියම් සියයට දාහතරක්, විටමින් බී සික්ස් සියයට දහතුනක් හා විටමින් ඊ සියයට දහයක් අලිපේරවල තියෙනවා. සාමාන්‍ය අලිපේර ගෙඩියක් කෑමෙන් ශරිරයට එකතුවෙන්නේ කැලරි 160 ක් පමණයි. එය කෑම වේලකට පෙර ගැනීමෙන් අනවශය ලෙස ආහාර ගැනීම පාලනය වෙනවා.

අලිපේරවල ඇති පොටෑසියම් රුධිර පීඩඩන අඩුකරනවා. හෘද අකර්මණ්‍යතාවය ඇතිවීමේ ඉඩ විශ්මිත ලෙස අවම කරනවා. හදවතට හිතකර හොඳ කොලෙස්ට්‍රෝල් හෙවත් මොනෝ අන් සැචුරේටඞ් ෆැට් එහි ඇතුළත් වෙනවා. එසේම අලිපේරවල ඇති කෙඳි සහිත බව විශ්මිතයි. ඒ නිසා බඩවැල්වල ඇති තුවාලවලට ඒ තරම් හොඳ කෑමක් තවත් නෑ. ගැස්ට්‍රයිට්ස් රෝගය සෙමෙන් සෙමෙන් ඔබේ ජීවිතයේ අතීත මතක අතරට එක්කරගන්නට ඔනානම් දිගටම දිනපතා අලිපේර ගෙඩියක් කන්න. එසේම අලිපේරවල ඇති ඇන්ටිඔක්සිඩන්ට් රසායනය නිසා එය දෑස්වල අසාමාන්‍ය දීප්තියක් ගෙන එනවා. මේ තරම් ගුණදායක පළතුරක් ලොව තවත් ඇත්ද කියලා ඔබට හිතේවී. ඒ නිසා අදම දවසේ මොනයම් වෙලාවක හෝ අලිපේර ගෙඩියක් සූරාකන්න. එය අද පටන් කළ යුතුම දෙයක් බව තරයේ සිහි තබාගන්න. මේ දෙවියන් දුන් විටමින් කැප්සූල් එකක් පමණක් නොව වසර දහයක් වැඩියෙන් ජීවත්වෙන්නට අවශ්‍ය බුද්ධිමත් මිනිසුන්ට පමණක් දුන් දේවමය ආහාරයක්ද වෙනවා.

2. තම්බාගත් වට්ටක්කා කප් එකක්

 

මේ දවස ගානේ දකින ඒ ගෙදරට ගේන්න එතරම් කැමැත්තක් නැති මේ විශ්මිත එළවළුව ගැන ඔබ දැනගෙන උන්නේ නෑනේද..? එසේ දැනගෙන උන්නානම් සතියකට එක වට්ටක්කා ගෙඩිය බැගින් ඔබ ගෙන එනවා.

එය රත්තරන් ආකාරයක් වැනි එළවළුවක් වෙනවා.

දිනපතා දවල් කෑමට පෙර තම්බාගත් වට්ටක්කා පොඩි බෝල් එකක් කන්න. ලූණු ටිකක් හා ගම්මිරිස් ටිකක් ඉහගෙන මේ රසවත් එළවළුව කන්න පුළුවන්. එහෙම කෑවාම ඔබ කන බත් ප්‍රමාණය අඩුකරන්න පුළුවන්. ඒක දවල් කෑමට පෙර නිසැක ලෙසම කරන්න. අද ලෝකයේ බොහෝ දෙනා අර්තාපල්වලට වඩා වට්ටක්කා කෑමට ප්‍රියකරන්නේ එය රත්තරන් ගෙඩියක් බව දන්නා නිසයි. පිළිකා සෑදීමේ අවධානම අඩුකරන මේ ආහාරය ශරීරයේ දැනටමත් වර්ධනය වීගෙන එන පිළිකා ෙසෙල පවා සොයාගෙන ගොස් විනාශකරනවා. එය කොතරම් විශ්මිත දෙයක්ද..? කුඩා වට්ටක්කා බෝල් එකක ඇත්තේ කැලරි 49 ක් පමණයි. එය දවල් කෑමට පෙර කෑමෙන් කැලරි දෙතුන් සීයක් අනවශ්‍ය ලෙස ඔබේ ශරිරයට වැටිම අඩුකරනවා. මාසයක් දවල්ට කෑමෙන් පමණක් ඔබේ බර කිලෝ 8 කින් අඩුකරගැනීමට ඔබට පුළුවන්. එය රෑ කෑමටත් පෙර කරනවානම් ප්‍රතිඵල විශ්මිතයි.

වයසට වඩා මහළු පෙනුමක් ගෙන එන මුහුණට අධික විඩාබර පෙනුමක් ගෙන එන රැඩිකල්ස් වට්ටක්කා වලින් අඩුකරනවා. වයසයට යාම ඇතිකරන මැරුණු ෙසෙල වට්ටක්කා වලින් යලිත් ජීවත් කරනවා.

එසේම ඔබේ හදවතට වට්ටක්කා රත්තරන් වාගෙයි. ඔබට දැනෙන වෙහෙස විඩාව හා මහන්සිය වට්ටක්කා නැතිකරනවා. මළ ගෙවල්වල මළ බතට වට්ටක්කා දීමේ රහස එයයි. වට්ටක්කාවල ඇති මේ ජීව ගුණය ඉස්සර අය දැනගෙන උන්නා. ඒ නිසයි මළ බතට වට්ටක්කා දුන්නේ. දවස් හතක් නිදිමරා ශෝක වී මහන්සි වී ඉන්නා නිවැසියන්ට වට්ටක්කා වේලක් කෑමෙන් පවා ප්‍රබෝධයත් එනවා. ඉතින් මේ විශ්මිත කෑම ගැන තවත් කවර කතාද…? සිගරට් බොන අයට වට්ටක්කා කන්න කියන්නේ දුම්පානය නිසා හදවතට යන විෂ ප්‍රමාණය වට්ටක්කාවලින් නැතිවන නිසයි. සෑම කාන්තාවක්ම වට්ටක්කා බෝල් එකක් දිනපතා කනවානම් ඔවුන්ට ඇතිවන කාන්තාවන්ටම විශේෂ වූ රෝග තත්වයන් රැසක් අඩුවෙන බව දැන් සොයාගෙන තිබෙනවා.

මේ වැනි හේතු ගණනාවක් කියන්නට පුළුවන්. සියල්ලටම පෙර දිනපතා තම්බාගත් වට්ටක්කා පොඩි බෝල් එකක් කෑමට පෙර කන්න. එය ඔබගේ සම්පූර්ණ ශරීර සුවතාවය මෙන් ලස්සන වෙනුවෙන්ද කළ යුතු වටිනාම දෙයක්. මාසයක් වට්ටක්කා කෑමෙන් පමණක් ෙෆයානස් ක්‍රීම් ටියුබ් එකසිය විස්සක් ආලේප කිරීමෙන්වත් ඔපේ මුහුණේ සමේ ඇති නොවූ වෙනසක් ඔබට අත්දකින්නට පුළුවන්. ඒ මැණික් එක බලාගන්නට අදම වට්ටක්කා කන්න.

3. තක්කාලි යුෂ වීදුරුවක්

අද ලෝකයේ ජනප්‍රියම ෆෘට් ස්මූති ඩි‍්‍රන්ක් එක මෙයයි. ඒ ටොමාටෝ ජූස්. දිනපතා උදේ දහයට පෙර මේ තක්කාලි යුෂ වීදුරුව බොන්න. තක්කාලි පිස කෑමට වඩා එය මහත්ඵල ගෙන එනවා. ශරීරය ලෙඩකරන අහිතකර රසායනිකයක් වූ විෂසහිත ඔක්සිඩන්ඞ්වලට එරෙහිව සටන්කරන ඇන්ටි ඔස්සිඩන්ට් රසායනිකයන් තක්කාලිවල තියෙනවා. ඒ වගේම අසාමාන්‍ය විටමින් සී ප්‍රමාණයක් එහි තිබෙනවා. බිතාන්‍ය වෛද්‍ය සංගමය කියන්නේ හෘදයාබාධ ඇතිවීමේ අවධානම සැළකිය යුතුතරම් අඩුකිරීමේ බලයක් තක්කාලි යුෂවල තියෙනවා කියලයි.

තක්කාලි යුෂ වීදුරුවක් දිනපතා බොනවානම් ඔබට මල්ටි විටමින් බොන්න ඕන නෑ. එහි විටමින් ඒ, ෙෆාලේට්, විටමින් කේ, විටමින් බී වන්, විටමින් බී තී‍්‍ර, විටමින් බී ෆයිව්, විටමින් බී සික්ස්, විටමින් බී සෙවන්, අයන්, පොටෑසියම්, මැග්නීසියම්, ක්‍රෝමියම්, සින්ක් වැනි අත්‍යාවශ්‍ය විටමින් හා යකඩ වර්ග පිරිලා තියෙනවා. ආහාර දිරවීම පහසුකර මළ බද්ධය අඩුකර අර්ශස් රෝග තත්වයන් අවම කරනවා. මේ ගුණය ගන්නටනම් ඔබ විසින් තක්කාලි අමුවෙන් යුෂ හදාගෙන බොන්න ඕන. ඒ වගේම හිසකේවලට තක්කාලි ගෙන එන්නේ පුදුමාකර ගුණයක්. එසේ වෙන්නේ තක්කාලි යුෂවල ඇති වියමින් කේ නිසයි. හිසකේ ශක්තිමත් කරන බලයක් විටමින් කේවල ඇතුළත් වෙනවා. බොහෝ දෙනා කියන්නේ තක්කාලි උෂ්ණයි කියලා. එසේ වෙන්නේ තක්කාලි පිස කෑමට ගැනීම නිසයි. තක්කාලි අමුවෙන් යුෂ හදාගෙනයි බොන්න ඕන. එසේ කිරිමෙන් මුත‍්‍රා ආසාධන අඩුවෙනවා. වකුගඩු ගල් ඇතිවීමත් අවම වෙනවා. ඔස්ටියෝපොරෝසීස් රෝග තත්වයන් දිර්ඝ කාලීනව අඩුකිරීමේ බලයක් තක්කාලි යුෂවල තියෙනවා.

හාස්කම තමයි හාට් ඇටෑක් සහ අංශබාගය ඇතිකරන රුධිර කැටි හෙවත් බ්ලඩ් ක්ලොට් ඇතිවීම තක්කාලි යුෂ මගින් නැතිකරන එක. ඒක දෙවියන් දුන් කෑමක් වන්නේ ඒ නිසයි. තක්කාලි ශරීරය මහත් කර මේද දහනය කිරීමට උපකාරීවෙනවා. ඇඟ කෙට්ටුකරන අය මුළින්ම තක්කාලි යුෂ විදුරුවක් බොන්නේ මේ නිසයි.

ඒ නිසා අදම තක්කාලි යුෂ වීදුරුවක් උදේට උදේට බොන්න. ඒ තක්කාලි රසායනික නොදැමූ තක්කාලි යුෂ වීදුරුවක් වෙනවානම් තවත් හොඳයි. හැකිනම් තක්කාලි ගස් දෙක තුනක් පෝච්චියක හෝ සිටවාගන්න.

ජීවක සිද්ධායුර්වේද කොළ කැඳ පානයේ රහස් වට්ටෝරුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories